EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePee Mak (2013) | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය
පී මාක් කියන්නේ ගොඩාක් ලස්සන තරුන පිරිමි ළමයෙක්, එයාගේ බිරිද තමයි නක් එයත් ගොඩක් ලස්සනයි, ඉතින් සියම් දේශයේ යුද්දයක් හටගන්නවා, ඉතින් මේ මාක් ගැබ්බරව ඉන්න තමන්ගේ බිරිද නක්ව තනියම ගෙදර තියලා රට වෙනුවෙන් යුධ පෙරමුණට යනවා. එත් යුද්ධය හිතන තරම් ලේසි එකක් නෙමෙයි පී මාක්ගේ බලගනයේ ගොඩක් සෙබලු මැරෙනවා, එත් පිමාක් හිතාගන්නවා කොහොම හරි නක්වයි දරුවවයි බලන්න එනවා කියලා, කොච්චර වෙඩි කෑවත් කොච්චර යුද්ධය දරුණු වුනත් අවසානෙදි පී මාක්ට සතුරොන්ගෙන් බේරිලා එයාගේ යාළුවෝ හතර දෙනත් එක්ක ගමට එන්න පුළුවන් වෙනවා, ඉතිින් පී මාක් ගමට එනකොට තියෙන්නේ යනකොට තිබුන ගම නෙමෙයි, හැම තැනම පාළුවට ගිහින්, මිනිස්සු හවස හතරෙන් පස්සේ එළියට බහින්නේ නැහැ, හරිම අමුතුයි,
ඉතින් මාක් යාළුවොත් එක්ක එයාගේ ගෙදරට යනවා, ගිය ගමන් එයා හොයන්නේ නක්ව, ගේ ඇතුලේ නක් ඉන්නවා, පී මාක් කියනවා යාළුවෝ හතර දෙනාටත් එයාලා එක්ක නතර වෙන්න කියලා, පී මාක් එයාලට එයාගේ නැන්දට අයිති ගෙයක් දෙනවා, ඉතින් පහුවදා එයාලා මාක් එක්ක පොලට යන වෙලාවේ මාක් දැකලා ගමේ මිනිස්සු බයවෙනවා, එයා එක්ක කවුරුත් කතා කරන්නෙවත් නැහැ, ඉතින් යාළුවොන්ට තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් තියනවා කියලා එයාලා හොර රහසේම මේ ගැන හොයන්න ගන්නවා, ඉතින් එයාලට හොයාගන්න පුළුවන් වෙනවා මාක් යුද්ධෙට ගියාට පස්සේ දරුවා බිහිකරනකොට නක් දරුවත් එක්ක මැරිලා කියලා, ඒ වගේම ගේ පිටිපස්සේ වලදාලා තියන නක්ගේ සිරුරත් එයාලා හොයාගන්නවා, මේ නක්ගේ අවතාරේ මැරුණ දවසේ ඉදන්ම තොටුපලට වෙලා මාක් එනකල් අඩ අඩා බලා ඉදලා තියනවා, ඒක නිසා තමයි ගමේ මිනිස්සු 4න් පස්සේ එළියට වත් බහින්නේ නැත්තේ,
ඉතින් අවතාරයක් වුනත් නක් මාක්ට ගොඩක් ආදරේ කරනවා, යාළුවෝ මාක්ට නක් ගැන ඇත්ත කියන්න බය වෙනවා, මොකද ගමේ රාවයක් යනවා නක් ගැන ඇත්ත කියන කට්ටියව නක් මරලා දානවා කියලා ඉතින් කොහොමින් කොහොමින් හරි මේ යාළුවෝ හතර දෙනා නක්ගෙන් මාක්ව ගලවගන්න තමයි හදන්නේ එත් අවසානේ ලං වෙන්න ලංවෙන්න වෙන්නේ හිනෙකින්වත් නොහිතන දේවල්,
එහෙනම් නක් ඇයි මේ හොල්මන් කරන්නේ, ගමේ මිනිස්සු නක්ට මෙච්චර බය ඇයි, මාක් නක් ගැන දැනගත්තොත් මොනවා වෙයිද, මාක්ගේ යාළුවෝ නක්ගෙන් මාක්ව බේරගන්න මොනවද කරන්නේ. ඇත්තටම මේ චිත්‍රපටියේ දුක සමතුට හැම දෙයක්ම එකට කැටිවෙලා තියනවා, සමහර වෙලාවට හිනා වෙලා පණ යනවා, සමහර වෙලාවට ගොඩක් බය හිතෙනවා, ඉතින් ඒ මොනවා වුනත් අවසානෙදි
ඇස් දෙකට කදුළු ඉනුවේ නැත්නම් ඒ බලන කෙනා මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් තවත් ලස්සන හොර්ර චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා.






