EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePlan A Plan B (2022) Sinhala Subtitles | නල්ලමලේ ජෝඩුව… [සිංහල උපසිරසි]
Plan A Plan B (2022) Sinhala Sub
Plan A Plan B (2022) Sinhala Subtitle
Plan A Plan B (2022) Sinhala Subtitles
නිරාලි මංගල සේවයක් පවත්වාගෙන යන තරුනියක්. තමන්ගේ අම්මා කරගෙන ගිය ව්‍යාපාරය නිරාලි ට බාර දුන්නා විතරයි. අලුත් තැනක අලුත් ඔෆිස් එකක්. හැබැයි හරියටම ඉස්සරහින් ඉන්නේ දික්කසාද නීතිඥයෙක්! මෙතෙන්ට කසාදයක් කරගන්න එන අය මුලින්ම දකින්නේ එතන. දික්කසාද නීතිඥයෙක්! ඒ තමයි කෝස්ටි, දික්කසාද නීතිඥයෙක්හෙ වත් පවුල් නීතිඥයෙක්. පවුල් නීති ගැන විශේෂඥයෙක්.
එක්කෙනෙක් මිනිස්සුන්ව කසාද බන්දනවා. අනිත් කෙනා එයාලගේ දික්කසාදේ බලාගන්නවා. අද බඳින අය හෙට දික්කසාද වෙනවනේ. සේවාදායකයා එකයි සේවාව විතරයි වෙනස් වෙන්නේ. දෙකම එකම තැනින් කරගන්න පුලුවන්. දෙන්නගෙම බිස්නස් දෙගුණයක් වෙනවා. කෝස්ටි මෙහෙම හිතුවට නිරාලි එහෙම හිතන්නේ නෑ. කොහොම හරි දෙන්නෙක්ව එකතු කරන්නමයි හදන්නේ. ඉතින් මේ දෙන්නගෙ රන්ඩු සරුවල් තමයි කතාව දිගටම යන්නේ. අන්තිමට කවුද දිනන්නේ කියලා කතාව බලලම දැනගමු.
සැප්තැම්බර් 30 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Shashanka Ghosh. රංගනයෙන් දායක වෙන්නේ රිතේශ් දේශ්මුක් සහ තමන්නා. ඇත්තටම කතාවේ ලොකු දෙයක් දකින්න නැති වුනත් සරලව ගලායන කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම හොඳට හිනාවෙන්නත් පුලුවන්. ඒ වගේම මයුර මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.











