EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ponman (2025) | රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?

 

මෙන්න නවතම OTT  නිකුත් උන මලයාලි dark comedy ඝනයට වැටෙන අළුත්ම චිත්‍රපටය. මේක කේරළය තුල සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ චිත්‍රපටයක් ලෙස හඳුන් වන්න පුළුවන්. බැසිල් ජෝශප් කියන්නෙ මලයාලි සිනමාව තුල ඉන්න අමුතුම ආකාරයේ ප්‍රභසන නළුවෙක්. ඔහුටම ආවේණික ශෛලියකින් ඇඟට නොදැනී කරන චරිත ප්‍රේක්ෂකයින් විසින් කවදත් ආදරෙන් වැළඳ ගන්නවා. ඔහුගේ බොහොමයක් චරිත එකම විදිහක උනාට ඒවාගේ ඒකාකාරී භාවයක් නම් දකින්න නෑ. ඉතිං මේකත් එහෙමම තමයි.

තරුණියකට රත්තරන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මේක අහන්න ඕනෙ බැසිල් ගෙන් තමයි. ඒත් රත්තරන් නැතුව මේ චිත්‍රපටයේ ඔහුට නම් ජීවිතයක් නෑ. මේකෙදිත් ඔහු සුපුරුදු විදිහටම අමාරුවේ වැටිලා ගොඩ එන්න කරන උත්සාහයේදී තව තව අමාරුවේ වැටීමක් තමයි පෙන්වන්නෙ. අන්තිමට මොකද වෙන්නෙ බලන්න.

බැසිල් සමග, සජින් ගෝපු, ලිජමොල් ජෝස්, ආනන්ද් මන්මධන්, දීපක් පරම්බිල් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කුම්බලාංගි නයිට්ස්, ඇන්ඩ්‍රොයිඩ් කුංජප්පන්, මලයන් කුංජු වැනි චිත්‍රපට රැසක කලා අධ්‍යක්ෂක හා නිශ්පාදන අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ජෝතිශ් ශංකර් ගේ ප්‍රථම අධ්‍යක්ෂනයයි.

Comments