EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Poor Things (2023) | බෙලා බැක්ස්ටර්ගේ වීර චාරිකාව

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගිය අවුරුද්දෙ නිකුත් වෙච්ච අති දැවැන්ත නිර්මාණයක්. මේක අති දැවැන්ත නිර්මාණයක් වෙන්නේ ගිය අවුරුද්දෙ නිකුත් වෙච්ච චිත්‍රපට වලින් ඉහල විචාරක පැසසුම් සහ සම්මාන රාශ්‍රියක් මේකට දිනා ගන්න හැකිවුණ නිසයි. එනම් ලෝකප්‍රසිද්ද සම්මාන උළෙලක් වෙන ගෝල්ඩම් ග්ලෝබ් සම්මාන උළෙලදී 2023 වසරේ හොඳම හාස්‍යජනක චිත්‍රපයට හිමි සම්මානය සහ හොඳම නිළියට හිමි සම්මානය(එමා ස්ටෝන්) දිනාගන්න මෙම චිත්‍රපටයට හැකිවෙනවා. ඊට අමතරව තව විවිද සම්මාන 93 දිනාගන්න සමත් වෙලා තියෙනවා වගේම ඉදිරියේදි පැමිනෙන්න තියෙන ඔස්කාර් සම්මාන උළෙල සඳහාත් නිර්දේශ 12 ලබාගෙන තියෙනවා. තව මේකෙ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කලොත් IMDb දර්ශකේ මනාප 120,000 අධික ප්‍රමානයකින් 8.3 ඉතා ඉහල අගයකුත් කුණු තක්කාලි 92% ලබාගන්නත් හැකිවෙලා තියෙනවා.

මේ චිත්‍රපටය ලෝකය පුරා තිරගත වීම ආරම්භ වුණේ 2023 දෙසැම්බර් 8 වෙනිදා. අන්තර්ජාලයට මෙහි වෙබ් පිටපත් නිකුත් වුණේ පෙබරවාරි 27 වෙනිදා. ඩොලර් මිලියන 35 යොදා නිෂ්පාදනය කරපු මෙම චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 102 හොයාගන්න සමත්වෙලා තියෙනවා. මේක අධ්‍යක්ශනය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වෙන Yorgos Lanthimos මහතා විසිනුයි. තව මේකෙ කාස්ට් එක ගැන කිව්වොත් ඉතාම ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මේකට දායක වෙලා තියෙනවා එනම්, Emma Stone / Mark Ruffalo / Willem Dafoe / Ramy Youssef / Christopher Abbott / Jerrod Carmichael වැනි අය.

මේකෙ කතාව ගැන නම් කොහොම කියන්නද මන්දා. මොකද මේක සෑහෙන වෙනස් කතා තේමාවක් තියෙන ෆිල්ම් එකක්. ඒ බව මේකෙ ට්‍රේලර් එක බැලුවහමත් ඔයාලට තේරෙයි. ඒත් ඉතිං ෆිල්ම් එක ගැන කිසිම අදහසක් නැති අයවෙනුවෙන් පොඩියට කතාව ගැන කියන්නම්, මේක පටන් ගන්නේ එක්තරා කාන්තාවක් සෑහෙන දුකෙන් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න තැනකින්. ඊට පස්සෙ පෙන්නන්නේ ගෝඩ්වින් බැක්ස්ටර් නැතිනම් ගෝඩ් කියලා හදුන්වන විඳ්‍යාඥයාගෙ ගෙදර ඒ සියදිවි නසාගත්ත කාන්තාව වගේම කෙල්ලෙක් ජීවත් වෙනවා. හැබැයි එයාගෙ මනස වර්ධනය වෙලා නෑ, හැසිරෙන්නෙ පුංචි ළමයෙක් වගේ හරිම මුරන්ඩුයි. ඇයගෙ නම තමයි බෙලා. ගෝඩ් එයාට ගෙදරින් එළියටවත් බහින්න දෙන්නෑ. එයාව ඒ ගෙදර හිරකරගෙන වගේ තමයි හදන්නේ. ඉතිං බෙලාට ලෝකෙ ගැන දැනගන්න හරිම ලොකු ආසාවක් තමයි තියෙන්නේ. ඉතිං කවුද මේ බෙලා කියන්නෙ? ගෝඩ් එයාට මොනව කරල ඇතිද එහෙම මනස වර්ධනය නොවී පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න තරම්? බෙලාට හැකිවෙයිද ලෝකෙ ගැන දැනගන්න එහි සංචාරය කරන්න? අර මුලින් සියදිවි නසාගත්ත බෙලා වගේ හිටිය කාන්තාව කවුද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. ඕන්නම් මං ඒ එක ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්නම්. ඔව්, බෙලාට හොඳට ලෝකෙ වටේ සංචාරය කරන්න අවස්ථාව හම්බෙනවා. හැබැයි ඒකත් වෙනස්ම විදිහකට. බලලාම දැනගන්නකො එහෙනම්.

එහෙනම් එච්චරයි කතාව ගැන කියන්න යන්නේ හැබැයි විශේශයෙන්ම කියන්න ඕනෙ මේකෙ බෙලාගෙ චරිතය නිරූපණය කරන එමා ස්ටෝන් නම් ඒ වැඩේ තිතටම කරනවා. ඉතිං පුදුමයක් නෑ ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය ලැබුන එක.

Comments