EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Popeye The Slayer Man (2025) | “දුම් ගද දැනෙනෙ විට, ඔහු ඔබ අසල ඇත”

 

Popeye කියලා කිව්වම සමහර කට්ටිය දැනටමත් මේ චරිතේ ගැන දන්නවා ඇති කියලා හිතනවා. මේ 1929 කාලේදි Elzie Crisler Segar අතින් නිර්මාණය උන ළමා කාටූන් එකක එන චරිතයක්. කාටූන් එකේ හැටියට Popeye කියන්නේ නාවිකයෙක්, ඕනිම වෙලාවක දුම් පයිප්පයක් කටේ ගහගෙන ඉන්නේ. ලොකු මාංශ පේශී තියන අත් දෙකක් තියෙනවා. ඒ වගේම විශේෂත්වේ තමයි එයාට නිවිති කෑවට පස්සේ ලොකු ශක්තියක් එනවා. එයා නිතරම කියන දෙයක් තමයි,
“I yam what I yam, and that’s all that I yam”

හරි, මේ කතාව පැත්තට හැරුනොත්, පොපේයි කියන නාවික මිනිහගේ නාගරික පුරාවර්තයක් ගැන එක ටවුන් එකක කතන්දර වගයක් පැතිරෙනවා. මේ ටවුන් එකේ එක කම්හලක් තියෙනවා. ඒක නිවිති ටින් කරන කම්හලක්. හැබැයි අවුරුදු 20 කට කලින් මේක වහලා දානවා. මිනිස්සු කියන කතා වල හැටියට මේ කම්හලේ තමයි නාවික මිනිහා ජීවත් වෙන්නෙ..අහු වෙන කිසිම කෙනෙක්ට ගැලවීමක් නෑ.

 

ඉතින් ඩෙක්ස්ටර් කියලා කොලේජ් යන එක කොල්ලෙක්ට ඕනි වෙනවා මේ සිද්ධිය ගැන ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් එකක් කරන්න. මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියන ඔලීවියා කියලා ගෑනු ළමයෙකුත් ඉන්නවා. තවත් යාළුවෝ ටිකක් සම්බන්ධ කරගෙන මෙයාලා දවසක් මේ කම්හල ඇතුලට රිංගන්න ප්ලෑන් කරනවා. ඉතින් ඊළගට මෙයාලට මූණ දෙන්න වෙන සිද්දි ටික ඔයාලට මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන් වෙනවා. කවුද මේ නාවික මිනිහා? මේ කතාව ඇත්තක්ද? මේ කට්ටියට ආයෙත් බේරිලා එන්න ලැබෙයිද?  මේ ටික ඔයාලටම බලාගන්න ඉඩ තියලා මම නවතින්නම්.
ෆිල්ම් එක හොදට රස විදියි කියලා හිතනවා.

Comments

May 6, 2025

Nice ending