CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2762 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 14, 2016United States97 Min.
Your rating: 0
9 2 votes
Priceless (2016) | මිනිස් ජාවාරමක් නිසාවෙන් දෙහදක ඇතිවූ මිලකළ නොහැකි ආදර අන්දරය

කාලයක් මං හොඳ මිනිහෙක් වෙලා හිටියා. තාත්තා කෙනෙක්… සැමියෙක්… ඒත්, මං ආදරය කරපු කාන්තාව මට අහිමි වුණා. මං ඒකට බැනගත්තේ මටමයි. එතන ඉඳලා, දිගටම යන්න හරිම අමාරු වුණා. රස්සාවක් එකදිගට තියාගන්න. ඒ නිසා, මගේ පුංචි කෙල්ලව මගෙන් ඈතකට අරගෙන ගියා. මං දැන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. අපේක්ෂා භංගත්වය නිසා, තමන් කරන්නේ මොනවද කියලා තමන්ම දන්නෙ නැහැ. කොහොමහරි, මට පොඩි රස්සාවක් හම්බවුණා. බඩු වගයක් ප්‍රවාහනය කරලා දෙන්න. මං එයාට කිව්වා, මං මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙ නැහැයි කියලා. එයා කිව්වා, “අහන්න එපා, කියන්නේ නැහැ” කියලා. ඒක හරිම ලේසි රස්සාවක්. ට්‍රක් එක පදවගෙන යන්න විතරයි තියෙන්නෙ. වැස්සත්, පෑව්වත්, හිම වැටුනත්… නොනැවතී ඉදිරියටම. ඒ තමයි එයාලගේ නියෝග. මං මේ ගත්ත තීරණය හරි එකක්ද…?

අපි හැමෝම මේ චාරිකාවක ඉන්නෙ… මාවතක.  දීප්තිමත් සහ අලංකාර දර්ශන සමගින්, ඒ වගේම, සුළි කුණාටු වලාකුළු සහ අන්ධකාරයද සමගින්. පේන විදියට නම්, ජීවින ගමනේදී, අතරමගදී මං වැරදි හැරවුමක් අරගෙන වගෙයි. මට ජීවිතයේ යන්න ඕනේ වුනේ නැති තැනකට, ඒක මාව අරගෙන ඇවිල්ලා. හිතන්නෙ බලන්නෙ නැතිව මං මේ ප්‍රවාහනය කරන්නෙ මොනවද? එතකොට, කාවද මං මේ හම්බවෙන්න යන්නෙ? ප්‍රශ්න වලින් මාව හොල්මන් කළා. මං, දේවල් අහන්න, දේවල් දකින්න පටන්ගත්තා. මං දැනගෙන හිටියා, මොකක්හ රි වැරද්දක් තියෙනවා කියලා. ඔන්න එතකොටම ඒක සිද්ධවුණා. ඒක එනවා කියලා, කොයිම වෙලාවකවත් මං දැක්කෙවත් නැහැ. නමුත්, අහම්බයෙන් මං ඇත්ත දැක්කා.

දැකපු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරිවුණා. මං මේ මොකක්ද කළේ කියලා මගේ හිත මොරදුන්නා. කිසිම විදියකින් හිතපු නැති විදියක විදියේ ප්‍රශ්නෙක තමයි මාව පැටලුනේ. වෙච්ච දේත් එක්ක, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් තත්වයක නෙමෙයි මං හිටියෙ. නමුත්, අන්තිමේදී මගේ හෘද සාක්ෂිය මටම දොස් කියන්න ගත්තා. වෙච්ච දේවල් ආපහු නිවැරදි කරන්න මට ඕනේ වුණා. ඒත්, මං පරක්කු වැඩිද මන්දා. දැන් එතකොට, මං මේ උත්සාහ කරන්නෙ මගේ මාවත ආපහු හොයාගන්න. ඒ නිසා මං දිගටම යනවා… දිගටම හොයමින්… මා අතින් සිදුවූ වරද නිවැරදි වන තුරාවටම.

මේ තමයි මගේ චාරිකාව. ඔබත් කැමතිද මාත් සමගින් මේ චාරිකාවට එකතු වන්නට? මගේ දුක, සතුට, ත්‍රාසය, භීතිය, ආදරය මා සමගින් බෙදාගන්න? එහෙනම් පැමිණෙන්න… මගේ චාරිකාවට හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා.

Drama, Romance යන කාණ්ඩ නියෝජනය කරමින්, 2016 ඔක්තෝම්බර් මස 14 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, Imdb දර්ශකයේ 6.2 ක අගයක් ලබාගැනීමට සමත්වූ චිත්‍රපටයක්… ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරවමින්, නෙතට කඳුළු බිඳක් එක්කල සංවේදී කතා පුවතක්… කාර්ය බහුල ජීවන රටාවකින් ඔබව මොහොතකට මුදවමින්, ඔබගේම ලොවක් තුල ඔබව අතරමං කරමින්, ඔබගේ ජීවිතය පිළිබඳව නැවත වාරයක් සිතා බැලීමට යමක් ඉතුරු කරන්නාවූ සුවිශේෂී ආදර වෘතාන්තයක්… සංවේදී හදවතක් ඇති, විශිෂ්ඨ නිර්මාණයක් රසවිඳීමට හැකියාව ඇති, සියළුම සහෘදයන් වෙත ආදරයෙන් පිදීමට, අවසරයි එසේනම්…

 

Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිල ප්‍රසාද් (Baiscopelk)
IMDb 6 /10 4,056 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Orphan: First Kill (2022) Sinhala Subtitles | මහා විපතක මූලාරම්භය! | සිංහල උපසිරැසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | watch Online
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published