EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pudhu Pettai (2006) | වැරදි සමාජයකින් ඉදිරියටම ආ මැරවරයා..

“මොකද මේ? තාත්ත ඔයාව කුණු කූඩයකට ගෙනල්ල දැම්ම කියල බලනවද? ඔයාව කොහොමද මම හදන්න ඕනි කියල හිතුවේ. ඒ වුනත් බැරි වුණා. ඔක්කොම නැති වුනා. ජීවතුන් අතර ඉන්න ඕනි රත්තරනේ. ජීවතුන් අතර ඉන්න ඕනි. ඒක තමයි වැදගත්. තාත්ත මැරෙනවා. ඔයා. ඔයා බයවෙන්න එපා රත්තරනේ… කවුරු හරි හොද කෙනෙක් එයි. ඔයාව වඩාගෙන යන්න. ඔයා මට තාත්ත කියල කතා කරනවත් ඇහුවෙ නෑනෙ මන්.” තම දරුවා කුණු කූඩයකට දමා දරුවා දෙස බලමින් කියූ වචන ටිකක්.

කොක්කි කුමාරු කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කොල්ලෙක්. එයා අපි වගේම තමයි ජීවත් වුනේ. කොක්කි කුමාරුගෙ අම්මා එයාට ගොඩක් ආදරෙයි. හැබැයි එයාගෙ තාත්ත මැරයෙක්. හැම දාම එයාගෙ අම්මත් එක්ක රන්ඩු වෙනව. ඔහොම ඉතින් එක දවසක අපේ කුමාරු යාළුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා. එනකොට පොඩ්ඩක් රෑ වෙනව. ෆිල්ම් එක බලල ගෙදරට එනකොට අම්මව මරල. අම්මව මරල තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි එයාගෙ තාත්ත. ඊට පස්සෙ කුමාරු හොටු පෙරාගෙන අඩනව. (අපි වුනත් එහෙමනෙ.. වාසනාවකට අපෙ අම්මල තාත්තලනම් මෙහෙම නෙමෙයි) මිණිය කාටත් හොරෙන් තාත්තගෙ යාළුවොත් එක්ක එකතු වෙලා ගඟකට විසි කරල දානව. අපේ කුමාරු අඩන නිසා තාත්තගෙ යාළුවෙක් තාත්තට මෙහෙම කියනවා.

සේකරූ, කොල්ල තාම අඩනව. හොද නෑ සේකරූ. අම්මත් එක්කම හැදුනු කොල්ලෙක්. හෙට එළියට ගිහින් ඔයා තමයි මැරුවෙ කියල කිසිම පැකලීමක් නැතුව කියයි. දැනටමත් අපි කොයි වෙලේද අහුවෙන්නෙ කියල බලාගෙන ඉන්නේ. “කුමාර්ගේ තාත්ත මෙසේ ප්‍රශ්නයක් අසයි- මට මොනාද කරන්න කියන්නෙ?” “නැවත යහළුව උත්තර දෙමින්- මම මුකුත් කියන්නෙ නෑ අප්පා. ඒ වුනත් ඔයා හොදට හිතල බලන්න.. ඔයාට දැනටමත් පොරටූර් වල තවත් පවුලක් ඉන්නවනෙ. මොකෝ? මම කියන එක තේරෙනවද? ඔයාගෙ හොදට තමයි කියන්නෙ. තේරුම් ගන්න. කොල්ලව් එළියට යවන්න එපා. හරිද? (මේ සියල්ල දොර පිටු පසට වී ඔවුනට හොරෙන් කුමාරු අසාගෙන සිටී).

දැන් ඔයාලට තේරෙනවනෙ. අම්මව මැරුව කියල කුමාරු එළියෙ කට්ටියට කියයි කියල තාත්ත හදන්නෙ කුමාරුව මරන්න. ඒ වුනත් එයා මේ කතා කරන හැම දෙයක්ම අහගෙන ඉන්නෙ. ඔහොම්ම මෙයා උදේ නැගිටල බලනකොට තාත්ත නිදි පැදුරෙ නෑ. එයා දැන් දන්නව තාත්ත එයාව මරන්න යන්නෙ කියල. ඒ අස්සෙන් තාත්තගෙ පිහියත් බිමට වැටෙනව. කුමාරු ඉක්මනට නැගිටල දොර අරින්න හැදුවත් අරින්න බෑ. ඇයි ඒ තරම් මිනිහ බය වෙලා. බය වැඩි කමට මිනිහට ඇගේම මුත්‍රා පිටවෙනව. 😀 තාත්ත පිහියත් අරගෙන එන ගමන්ම කුමාරූ දොර ඇරගෙන එළියට පැනල දුවනව.

ඉතින් පොඩි වයසෙදිම දෙමාපියන්ගෙන් වෙන් වෙන කුමාරු කන්න බොන්න කිසිම දෙයක් නැතුව පාරෙ අනාථයෙක් වගේ ජීවත් වෙනව. බඩගින්න නිවා ගන්නත් ඕනි නිසා කරන්න කිසිම දෙයක් නැතුව කුමාරු හිගා කනව. ඔහොම ඉන්නකොට ඒ පැත්තෙ කල්ලියක් ඉන්නව. එයාල හරි දරුනුයි. කුඩු, ගන්ජා වගේ දේවල් තමයි විකුනන්නේ. අන්බු කියන්නෙ ඒ කල්ලියෙ නායකය. ඔහොම ටික දවසක් යනකොට කවුරු හරි පොලීසියට ඔත්තුවක් දෙනව අන්බුගෙ කල්ලියෙ කුඩු වගේ දේවල් විකුනන අයව අත් අඩන්ගුවට ගන්න කියල. පොලීසියෙන් පැනල එයාලව අත් අඩන්ගුවට ගන්නකොට වැරදිලා අපේ කුමාරුත් පොලීසියට අහු වෙනව. මිනිහ බැගෑ පත් වෙනව. ඒ වුනත් වැඩැක් නෑ. කොහොම හරි පොලීසියෙන් හොදටම තඩි බානව. පොලීසියෙන් නිදහස් වෙලා කුමාරුත් එයාලත් එක්කම යනව. කොහොම හරි කුමාරු ඒ කල්ලියට එකතු වෙනව. එයා ඊට පස්සෙ ගොඩක් වෙනස් වෙනව. හරි. දැන් ඔයාල බලනව ඇති මන් අර උඩින් කියපු මුල්ම කතාව මොකද්ද කියල. ඒකත් මේ කතාවෙ කොටසක් තමයි. ස්කෝලෙ යන කොල්ලෙක් විදියට හිටපු කුමාරු කොහොමද තාත්තා කෙනෙක් වුනේ? කල්ලියට එකතු වුනු කුමාරුට මොනාද සිද්ද වුනේ? ඇයි කුමාරු අර වගේ දෙයක් කළේ? කුමාරු ළමයව ඇයි කුණු කූඩයකට දැම්මේ? අම්මට මොකද වුනේ (ළමයගෙ ඈ) ? ළමයෙක් කුණු කූඩෙකට දාල යන්න තරමු ඇති වුනු දරුනු ප්‍රශ්නය මොකද්ද? ඔය හැම දේකටම පිළිතුරු ටික දැන ගන්න ඕනි නම් මේ ෆිල්ම් එක බලන්ඩ ඈ. එහෙනම් මන් ගියා ඈ…

Comments