CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1288 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 01, 2002India152 Min.
Your rating: 10
10 3 votes
Raaz (2002) | වැළලිය නොහැකි රහසක්!

මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වූයේ 2002 වසරේ ඉහළ වාණිජ සාර්ථකත්වයක් හිමි කරගත් අද්භූත, ප්‍රේමාන්විත, අබිරහස් යන වර්ගීකරණ තුනටම අයත්වන හින්දි චිත්‍රපටයක් වුණු Raaz (2002) සිනමා නිර්මාණයටයි. මේක මං පොඩි කාලේ මගේ ප්‍රියතම හින්දි සිනමා නිර්මාණය වුණා. මේකට කළින් බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි ලබාදී තිබුණත්, ඒ දීලා තිබුණේ DVD Rip පිටපතකටයි. මේ වනවිට මෙහි Webrip පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරී තියෙන නිසා Web Rip පිටපතට සුදුසු සිංහල උපසිරසියක් නිකුත් කරන්නට අප තීරණය කළා. Raaz චිත්‍රපටය වික්‍රම් භාත්ගේ අධ්‍යක්ෂණයක්. 2002 පෙබරවාරි 01 වැනිදා නිකුත් වුණු Raaz (2002) සිනමාපටය IMDb දර්ශකයේ 6.6/10ක අගයක් ගන්නට සමත් වුණා. ඉන්දියානු රුපියල් කෝටි 5ක නිෂ්පාදන වියදමින් නිෂ්පාදන කෙරුණු Raaz (2002) සිනමාපටය සමස්තයක් ලෙස ඉන්දියානු රුපියල් කෝටි 37ක් උපයන්නට සමත් වුණේ බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙසින් ඉතිහාසයට එක් වෙමින්. මේක 2002 තුන්වැනියට වැඩිම ආදායමක් ලද සිනමාපටය වන අතර රාස් චිත්‍රපට මාලාවේ වැඩිම ආදායම ලද චිත්‍රපටය වෙනවා. 2002 වැඩිම ආදායම ලැබුව චිත්‍රපටය දන්නවනේ? ඒ තමයි සංජය ලීලා බන්සාලිගේ Devdas. දෙක සංජය ගුප්තාගේ Kaanthe චිත්‍රපටයයි.

 

 

මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඩිනෝ මොරියා, බිපාෂා බාසු සහ මාලිනී ෂර්මා විසින්. ඒ වගේම අශුතෝෂ් රානා, ශෘති උල්ෆත් සහ විශ්වජිත් ප්‍රධාන් සහයක චරිත නිරූපණය කරනවා. මෙහි බිපාෂා බාසුගේ රංගනය බෙහෙවින් පැසසුමට ලක් වුණු අතර 48 වැනි Filmfare සම්මාන උළලේදී ඇයට හොඳම නිළිය වෙනුවෙන් සම්මානයකට නිර්දේශ වෙන්නට සමත් වෙනවා. නදීම්-ශ්‍රාවන් දෙදෙනා විසින් නිර්මාණය කළ මියුරු සංගීතය වෙනුවෙන් Filmfare සම්මාන කිහිපයකට නිර්දේශ වුණා. මෙහි කතාව ඇමෙරිකානු චිත්‍රපටයක් වන What Lies Beneath (2000) අනුසාරයෙන් ගොඩනඟා තිබුණත්, ඇමෙරිකානු විනොදාස්වාදන අඩවියක් වන Collider (https://collider.com/bollywood-remakes-that-are-better-than-the-original/#raaz-2002) විසින් නම් කළේ Raaz (2002) මුල් නිර්මාණයට වඩා හොඳින් නිර්මාණය කර තිබෙන බවයි. Raaz කෙතරම් උන්මාදයක් වී ද යත් එය දමිළ බසින් හඬ කවා Ragasiyam නමිනුත්, තෙළිඟු බසින් හඬ කවා Rahasyam නමින්ද  නිකුත් කෙරුණා. එපමණක් නොවේ Ginihila (2003) නමින් මෙහි මාලදිවයින් ප්‍රතිනිර්මාණයක්ද නිර්මාණය වුණා.

අපි දැන් මේකේ කතාවට යොමුවෙමු. ඌටි කියන ගම්මානයේ සුන්දර වනාන්තරයක් අසළ එක්තරා විද්‍යාලයක තරුණ තරුණියන් පිරිසක් පැමිණෙන්නේ විනෝද චාරිකාවකටයි. එතැන ගැහැණු ළමයින්ගෙන් කෙනෙක් වන නිශා වනාන්තරය තුළදී කිසියම් අද්භූත බලයක ප්‍රහාරයට ලක්වී ඇය විසින් එම ආවේශයෙන් මෙහෙයවනු ලැබී ඇයගේ පෙම්වතා වන රෝහිත්ට පහර දෙනවා. ඔවුන් දෙදෙනාව රෝහලට ඇතුළත් කෙරෙනවා. සිදුවුණු දේ පොලිසියටත් හිතාගන්න බැහැ. එතැනට එනවා මහාචාර්ය අග්නි ස්වරූප් කියලා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන කෙනෙක්. ඔහු වටහා ගන්නවා මේක කිසියම් අද්භූත බලවේගයක ක්‍රියාවක් බව. නිශා ආවේශයෙන් පසුව වෙනස් හඬකින් කෑගසමින් කියා සිටින්නේ තමා අවදි වුණු බවත් තමන් කිසිවෙක් අත් නොහරින බවත්. අනතුරුව ඇය මියයනවා. මේ තරුණ කණ්ඩායම කැලය තුළට යාමෙන් එම අද්භූත ආත්මය අවදි වී ඇති බවත් සිය අරමුණ ඉටු කරගන්නා තෙක් එම ආත්මය නැවතිය නොහැකි බවත් ඔහු කියනවා. 

මේ අතරේ මුම්බායි වල ජීවත්වෙන විවාහක යුවළක් වන ආදිත්‍ය ධන්රාජ් සහ සංජනා, ඔවුන් විසින් පවත්වනු ලැබූ ව්‍යාපාරික සාදයක් අතරතුර බහින් බස් වීමක් ඇතිකරගන්නවා. මෙහිදී කෝපයෙන් සාදය හැර යන සංජනා අතරමඟදී අනතුරකට මුහුණ දෙනවා. ඒ ඇයගේ කණට කිසිවෙක් විසින් ඇයගේ නම කියනු ඇසීම නිසා බියට පත් වීමෙන් වාහනය පාලනය් කරගත නොහැකි වුණු නිසා. ඇයගේ සුවවීම අතරතුර සංජනා සිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටිනවා. තමන්ගේ වරද තේරුම් ගන්නා ආදිත්‍ය ඇයට යෝජනා කරනවා ලොව ඕනෑම තැනකට සංචාරයක් යාමට. සංජනා කැමති වෙන්නේ ඔවුන් දෙදෙනා මුලින්ම හමුවුණු ඌටි ගම්මානය වෙතට යන්නයි. ඔවුන් නවතින්නේ නිශා ප්‍රහාරයට ලක් වුණු වනාන්තරය අසළ තිබෙන බංගලාවකටයි. 

 

කාලයත් එක්ක සංජනාට විවිධාකාර අද්භූත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම වනාන්තරය තුලින් කාන්තාවකගේ විලාපයක හඬක්ද ඇසෙනවා. එහෙත් ආදිත්‍යට මේ කිසිවක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. සංජනා ලබාගන්නා නිදිපෙති නිසා ඇයට මෙවැනි විවිධ දේ ඇහෙන දැනෙන බව ඔහු කියනවා. කෙසේ වෙතත් මේ බංගලාවේ සේවය කළ රොබට් නම් සේවකයා අතුරුදන්ව ඇති බව සංජනා දැනගන්නවා. මේ ගැන හොයන ඇය දැනගන්නේ ආදිත්‍ය මේ අතුරුදන් වීම ගැන දැනුම්වත් නමුත් තමන්ට ඒ ගැන නොපැවසූ බවයි. මේ නිසා ඔවුන් අතර යළි සිත් අමනාපකම් ඇතිවෙනවා. ඒ වගේම අතුරුදන් වීමට පෙර රොබට්ටත් වනාන්තරය තුලින් මේ විලාපය ඇසී තිබුණා, එහෙත් ඔහුගේ බිරිඳට එය ඇසී තිබුණේ නැහැ ආදිත්‍යට මෙන්. මෙහි කිසියම් ගුප්ත රහසක් ඇති බවත්, තම සැමියා එය දැන දැනම තමන්ගෙන් සඟවන බවත් ඇය සැක කරනවා. සංජනාගේ මිතුරියක වන ප්‍රියාගේ ආධාරයෙන් සංජනා මහාචාර්ය අග්නි ස්වරූප් හමුවී ඔහුගේ උපකාරය ලබා ගන්නවා. ආදිත්‍ය සඟවන සංජනාගේ ජීවිතයේ හොල්මන් කරන අද්භූත රහස කුමක්ද? මහාචාර්ය ස්වරූප්ගේ ආධාරය ඇතිව මේ රහස අනාවරණය කරගන්නට සංජනාට හැකි වෙයිද? ඒ අද්භූත ආත්මයේ අරමුණ මොකක්ද? අග්නි ස්වරූප් ඇතුළු කණ්ඩායමට මේ බිහිසුණු ආත්මය මෙල්ල කරන්නට හැකියාව ලැබෙයිද? 

එහෙමනම් මේ අද්භූත රසය වෑහෙන සුන්දර චිත්‍රපටය බලලා මේ දේවල් දැනගන්න!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.6 /10 4,431 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vikram Bhatt
Director

Cast

Bipasha Basu isSanjana Dhanraj
Sanjana Dhanraj
Dino Morea isAditya Dhanraj
Aditya Dhanraj
Ashutosh Rana isProfessor Agni Swaroop
Professor Agni Swaroop
Malini Sharma isMalini Malik
Malini Malik
Ali Asgar isNisha's Boyfriend
Nisha's Boyfriend
Anang Desai isMr. Dhanraj
Mr. Dhanraj
Murali Sharma isPolice Inspector
Police Inspector

Similar titles

Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Street Dancer 3D (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2022) Sinhala Subtitles
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Noise (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Death in the Gunj (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published