EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Retribution (2023) | පවුම් මිලියන දෙසිය අටක්!

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිලුමකට තමා මේ සබ් එක ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා.

Comments