EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageරිප්පන් ස්වාමිගේ අඳුරු අතීතය
2025 වසරේ කන්නඩ සිනමාවෙන් බිහිවුණු තවත් වෙනස්ම ආරක, සුපිරි නිර්මාණයක්. අපි හැමදාම දකින මසාලා චිත්‍රපටවලින් මිදිලා, තාත්වික (Realistic) සහ කුතුහලය පිරුණු කතාවක් බලන්න කැමති අයට මේක නියම අවස්ථාවක්.
මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න විජයි රාඝවේන්ද්‍ර (Vijay Raghavendra). හැබැයි එයාගේ සුපුරුදු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්, හරිම රළු සහ රෞද්‍ර පෙනුමක් තියෙන “රිප්පන් ස්වාමි” විදිහට එයා කරන රංගනය නම් ඇත්තටම විස්මිතයි. Malgudi Days වගේ ලස්සන නිර්මාණයක් කරපු Kishore Moodbidri තමයි මේකෙ අධ්යක්ෂවරයා වෙන්නෙ.
කතාව ගැන කියනවනම්, මේක දිව යන්නේ මල්නාඩ් (Malnad) ප්‍රදේශයේ තියෙන අද්භූත ගම්මානයක් වටා. රිප්පන් ස්වාමි කියන පුද්ගලයාගේ හදිසි මරණයත් එක්ක පටන් ගන්න මේ කතාව, එයාගේ අතීතය සහ ඒ වටා ගෙතුණු අඳුරු රහස් එළිවෙන විදිහ හරිම ත්‍රාසජනකයි. Crime Thriller සහ Psychological Thriller ශානරයට කැමති අයට මේකේ උපරිම රසවින්දනයක් ලබාගන්න පුළුවන්.


