EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRoopanthara (2024) | කතන්දර හතරක්
අද 2024 සැප්තැම්බර් 21 සුවිශේෂ දවසක්.රටේ දිශානතිය තීරණය කරන දිනයක්. ඔබ මේක ඩවුන්ලෝඩ් කරන දවස වෙන කොට ජනතාව කුමක් හෝ තීරණයක් අරන් ඇති. ඉතින් ඔබට ඒකට හැඩ ගැහෙන්න වෙනවා. මේ කතාවත් එහෙමයි ජීවිතයේ විවිධ අවස්තාවන්ට ඔබට හැඩ ගැහෙන්න වෙනවා. දිගටම මලයාලි උපසිරැසි ගෙනාව නිසා මම අද කන්නඩ උප සිරැසියක් කලා. මලයාලි සිනමාව ගැන මට දවසක් උනත් කතා කරන්න පුළුවන් උනත් කන්නඩ සිනමාව ගැන මගේ දැනුම අල්පයි. ඒ උනත් ඉන්දියානු සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා පුපුරවා හැරීම තමන්ගේ අයිතියක් සේ සලකන කන්නඩ සිනමාවෙ නව කලාත්මක සිනමාකරුවන් වෙනම රීතියක් ඔස්සේ සිය සිනමාව මෙහෙයවන බව පෙනී යනවා, මේකත් එහෙමයි. චිත්‍රපටය නරඹල චුට්ට්ක් හිතන්න වෙනවා.
මේකෙ හරය කියැවෙන්නෙ දළඹුවෙක් අලංකාර සමනලයෙක් වෙන්න කොතරම් වේදනාත්මක කාලයක් පසු කරන්න ඕනෙද? ඉතින් ඒක ලෝකයට ආදේශ කලාම සමහර පණුවො දළඹුවො පණුවො විදිහටම ඉන්න තීරණය කරනවා සමහරු සමනලයො වෙද්දි.
තමන්ගෙ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වය නැති,පීඩනය, බිය සහ බලාපොරොත්තු සුන් අනාගත නිසරු අපිරිසිදු ලොවක සිටින මිනිසුන් කිහිප දෙනෙක් අතරට යොමු වන කතන්දර කියන්නෙක් වන මහළු මිනිසෙක් පවසන කතන්දර හතරක් මේ චිත්‍ර පටයට පාදක වෙනවා. අසමාන ලෝකයක දුප්පතා සහ දුබලයාට ඇති තැන මේ කතා වලින් පෙන්වා දෙනවා. මුල් වරට නගරයක වෙත පිය නගන වියපත් යුවළක්, මිනීමරු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වූ දරුවෙක්, නවක පොලිස් නිලධාරියෙක් සහ සිඟන්නියක් , චංඩියෙක් සහ තරුණයෙක් අතර ඇති වන සිදු වීම් හරහා කතාව ගලා යනවා.
Mithilesh Edavalath විසින් අධ්‍යක්ෂණය කරන ලද Raj B. Shetty සමග Somshekhar Bolegaon, Hanumakka, Lekha Naidu වැනි නළු නිළි පිරිසක් මෙහි රඟපානවා.



