EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSaaree (2025) | සිංහල උපසිරැසි සමඟ
මේක රාම්ගෝපාල් වර්මා විසින් ලියන ලද ගිරි ක්‍රිෂ්නා කමල් විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත වලින් එන සියළුම නළු නිලියන් සිනමාවට අලුත් අය.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් එහෙම සමාජ මාධ්‍ය තුලින් නොදැනුවත්ව හමුවෙන පුද්ගලයෙක් හරහා කරදරයට වැටුන ගැණු ළමයෙක් ගැන තමයි තියෙන්නේ. දැන් ගොඩක් අය ටික්ටොක් ඉන්ස්ටා වල තමන් කැමැති කැමැති විදියේ ඡයාරුප විඩියෝ දානවානේ.. නමුත් මේවා දකින හැම පුද්ගලයෙක්ගේම මානසික මට්ටම් එක විදියක නැහැ. ඉතින් අපි නොදැන කරදරයකට පත්වෙන්නත් පුලුවන්. ආරාධ්‍යා කියන්නේ සාරි අදින්න ආසා ගැණු ළමෙයක්. මෙයා සාරියට ලස්සනට පේන නිසා නිතරම සාරි වලින් ඇදපු පින්තුර වගේ දෙවල් ඉන්ස්ටා එකට දානවා. ආරාධ්‍යාව අහම්බෙන් දකින කෙනෙක් තමයි කිට්ටු කියන්නේ. කිට්ටු ඉන්ස්ටා එකෙන් ආරාධ්‍යාට මැසේජ් එකක් දානවා.. ඔයා හරි ලස්සනයි ෆොටෝ ෂුට් එකක් කරමුද කියලා… මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.



