EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sarah’s Oil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cyrus Nowrasteh
Country:United States of America
Year:2025
Subtitle By: මල්ෂා පතිරණ (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageසාරාගේ තෙල් නිධිය
ඔන්න අද අරගෙන ආවේ නිකම්ම ෆිල්ම් එකක් නෙමෙයි, ඔයාලගේ හිතට ලොකු හයියක් වගේම පුදුමයක් ගේන සුපිරිම නිර්මාණයක්. නම දැක්කම මේක මොකක්ද කියලා පොඩි කුතුහලයක් එනවා නේද?
මේක ඇත්තටම ඉතිහාසයේ සිද්ධ වුණ කතාවක් (Based on a True Story) පාදක කරගෙන හදපු Biographical සහ Historical Drama එකක්. කතාව ගලාගෙන යන්නේ 1913 වර්ෂයේ ඇමරිකාවේ හිටපු “සාරා රෙක්ටර්” (Sarah Rector) කියන අවුරුදු 11ක පුංචි ගැහැණු ළමයා වටා. කාටවත් වැඩක් නෑ, වගා කරන්නවත් බෑ කියලා අහක දාපු ඉඩම් කෑල්ලක් මේ පුංචි සාරාට හම්බවෙනවා. හැබැයි කවුරුත් නොහිතපු විදිහට මේ “වැඩකට නැති” ඉඩම යටින් කළු රත්තරන්, ඒ කියන්නේ තෙල් මතු වෙද්දී සාරාගේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. එක රැයකින් ඇමරිකාවේ හිටපු “පොහොසත්ම කළු ජාතික දැරිය” බවට එයා පත් වෙනවා.
හැබැයි කතාව එතනින් ඉවර නෑ. සල්ලිත් එක්ක පස්සෙන් එන කෑදර මිනිස්සු, තෙල් සමාගම් සහ නීතිමය ප්‍රශ්න මැද මේ පුංචි කෙල්ල තමන්ගේ අයිතිය වෙනුවෙන් කරන ත්‍රාසජනක සටන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේකේ සාරා විදිහට Naya Desir-Johnson වගේම, එයාට උදව් කරන Bert ගේ චරිතයට අපි කවුරුත් ආදරේ කරන Shazam ෆිල්ම් එකේ ඉන්න Zachary Levi රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Cyrus Nowrasteh විසින්.
ඉතින් ඉතිහාසය, කුතුහලය සහ සංවේදී බව පිරුණු මේ ෆිල්ම් එක දැනටමත් විචාරක පැසසුම් ගොඩක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, බලල ඉවර උනාම හිතට මොකක්දෝ දිරියක් එන ලස්සන කතාවක්…
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ අපූරු සත්‍ය කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා.









