EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Saravanan Irukka Bayamaen (2017) | සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍ර‍පටිය ගැන කියනවා නම් මේ චිත්‍ර‍පටිය Ezhil ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ කලින් චිත්‍ර‍පටි වලින් Vellaikaara Durai, Velainu Vandhutta Vellaikaaran චිත්‍ර‍පටි දෙකම අපි ලබා දිලා තියනවා. මේ චිත්‍ර‍පටියත් කොමඩි ඇක්ෂන් පැත්තට බර එකක්. ඊට අමතරව හොල්මන් කතාවකුත් ඇතුලේ යනවා. මෙහි ප්‍ර‍ධන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Udhayanidhi Stalin හා Regina Cassandra විසිනි. හැමදාම වගේ දමිළ චිත්‍ර‍පටි වලට දැන් නැතුවම බැරි Soori මෙහි රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කියනවා නම් සර්වනන් කියන්නේ ගමේ හැම දෙයක්ම හොයලා බලලා පැනලා වැඩ කරන කෙනෙක්. සරවන්ගේ මාමා තමයි කල්යානම් කියන්නේ. කල්යානම් අලුත් පක්ෂයක තමිල්නාඩුවේ නායක කම ඉල්ලගන්නවා ඉදිරි ඡන්දයේදි තරඟ වදින්න. එත් සරවනන් පොඩි පටලැවිල්ලක් හදලා කල්යානම්ගෙන් මේ පක්ෂ නායක කම උදුරගන්නවා. ඒ කොහොමද කියලා චිත්‍ර‍පටිය බලලා දැනගන්න පුලුවන්. මෙහෙම කාලය ගත වෙලා සර්වනන් පක්ෂ නායක කම දරාගෙන ඉද්දි සර්වනන්ගේ පොඩි කාලේ මිතුරියක් උන තේන්මෝලී ආපහු ගමේ පදිංචියට එනවා පවුලේ අය එක්ක. තේන්මෝලී මිතුරියක් කිව්වාට සර්වනන් හා තේන්මෝලී පොඩි කාලේ නයයි මුගටියයි වගේ තමයි ඉදලා තියෙන්නේ. දෙන්නාට දෙන්නා කොයි වෙලාවෙත් රණ්ඩු. කොහොම හරි සර්වනන් තමන්ගේ පක්ෂ කාර්යාලය දාගෙන ඉන්නේ තේන්මෝලීලා කලින් පදිංචි වෙලා හිටිය ගෙදර. දැන් මේ අය ගමට එන නිසා සර්වනන් ලොකු අවුලක වැටෙනවා තමන්ගේ පක්ෂයට කාර්යාලයක් නැතුව. සර්වනන්ගේ තාත්තා හා තේන්මෝලීගේ තාත්තා හොද යාළුවෝ නිසා තේන්මොලීගේ තාත්තා නම් කැමැති වෙනවා සර්වනන්ලාගේ නිවසේ නතර වෙන්න සර්වනන් පක්ෂ කාර්යාලයට තැනක් හොයාගන්නකම්.. එත් අර තේන්මෝලී නම් සර්වනන්ට කියලාම ඉන්නවා එයාලගේ ගෙදර දවස් දෙකක් ඇතුලත හිස් කරලා දුන්නේ නැත්නම් එයාටයි පක්ෂයටයි විරුද්ධව පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දානවා කියලා. සර්වනන් දන්නවා තේන්මෝලී කියන්නේ කියන දේ කරන කෙල්ලෙක් කියලා. මේ නිසා සර්වනන්ට කරකියාගන්න දෙයක් නැති වෙනවා. ඔහු අන්තිමට ගිහින් දෙවියන්ගෙන් ඉල්ලනවා මොකක් හරි දෙයක් කරලා තමන්ට පක්ෂ කාර්යාලය ඒ ගෙදරම තියාගන්න දෙන්න කියලා… මේ ප්‍රාර්ථනාව නිසා තමයි සර්වනන්ගේ උදව්වට භූත ආත්මයක් එන්නේ. මේ ආත්මය කවුද එතකොට එයා ඇයි සර්වනන්ට උදව් කරන්න එන්නේ? එතකොට සර්වනන් හා තේන්මෝලී අතර සිද්ද වෙන රණ්ඩුවල ඇත්තම විස්තරේ දැනගන්න චිත්‍ර‍පටිය බලන්න වෙනවා… මේක 100%ක්ම කොමඩි පැත්තට බර එකක්. ඉතින් හිත නිදහස් කරගන්න ලොකු කතාවක් හොයන්නේ නැති අයට මේක නිර්දේෂ කරනවා.

Comments

November 26, 2023

Download link wada karanane na