EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cecilia Aranovich, Dong-Hwan Oh, Dongkyu Lee, Kabcheon Jung, Sang Il Sim
Cast
Go Full Cast PageScooby-Doo! And Krypto, Too! (2023) | සුපිරි යාලුවෙක්.
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මම අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් එකේ උපසිරැසි තමයි.
හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්, චිත්‍රපටියෙ නම තමයි Scooby-Doo! And Krypto, Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….
එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.






