EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Seven Years in Tibet (1997) | සැබෑ මිත්‍රත්වය….

Seven Years in Tibet (1997) Sinhala Sub
Seven Years in Tibet (1997) Sinhala Subtitle
Seven Years in Tibet (1997) Sinhala Subtitles

 

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ.

කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව.

Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 දී හිමාලය නගින්න යනවා. ගමන මැදදී දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. මේ ජර්මන් ජතිකයව බ්‍රිතාන්‍ය හමුදාව මගින් ඉන්දියාවේදී අත්තඩංගුවට ගන්නවා. ඔහු ටිබෙටයට පලා යන හැටි. එහිදී දලයි ලාමා හමුවීම සහ ටිබෙටයේ ජීවිතය ලස්සන කතාවක්. ළමා දලයිලාමාගේ සුන්දර අත්දැකීම් වගේම පොඩි කාලෙදිම වැදගත් තීරණ ගන්න නායකයෙක් ඔහු. චීනය, ටිබෙටය ආක්‍රමණය කිරීම, දලයි ලාමා ඉන්දියාවට පල යාම සහ Heinrich Harrer සමග මිත්‍රත්වය මේකේ වැදගත් කොටසක්. වෙනස් තේමාවකට කැමති කාටත් මතක හිටින මූවී එකක් වේවි.

Comments