EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shuddh Desi Romance (2013) | සත්‍ය ප්‍රේමය සොයා යෑම…

Sushant Singh Rajput (රගුරාම්) තමයි කතා නායකයා. මෙයාට ලොකු ලෙඩක් තියෙනවා. මේක ලෙඩක්මත් නේම්, දකින දකින කෙල්ලෝ පස්සේ යන එක. ඔයාට හිතා ගන්න පුලුවන්ද තමන්ගේ විවාහය දවසේ තවත් කෙල්ලෙක් එක්ක යනවා කිව්වාම. පිස්සු හැදෙයි නේද???? ප්‍රධාන නිළියෝ දෙන්නෙක් ඉන්නවා, Parineeti Chopra (ගයත්‍රී), Vaani Kapoor (තාරා). කොහොමහරි ගයත්‍රියි රගු යි වැඩ කරන්නේ විවාහ උත්සව වලට සේවකයන් සපයන ආයතනයක. මේ දෙන්නා හම්බ වෙන්නේ රගුරාම් (රගු) ගේ විවාහය දවසේ තමයි. ඒ කියන්නේ රගුරාම් තාරා එක්ක තමයි විවාහ වෙන්න යන්නේ. කොහොමහරි වෙඩින් එක දවසේ මේ දෙන්න එකම බස් එකේ එකම සිට් එකේ තමයි වාඩි වෙන්නේ. ගමන අතරතුර මේ දෙන්නා යාලු වෙලා අදහස් හුවමාරු කර ගන්නවා..

උත්සවය වෙලාවේ රගු ගේ අදහස් වෙනස් උන නිසා එයා පැනලා දුවනවා. පස්සේ කොහොම හරි රගුයි ගයත්‍රී දෙන්නා එකට ජිවත් වෙනවා. නමුත් ඒ දෙන්නට එකට වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ, ප්‍රශ්න නිසා වෙන් වෙන්න වෙනවා. මේ අතරේ රගු නැවතත් තාරා ට ලං වෙනවා..

කොහොම හරි අන්තිමටම රගු ට ගයත්‍රී ද එහෙම නැත්නම් තාරා ද ජිවන සහකාරී විදියට තෝර ගන්නේ කියන ප්‍රශ්නෙට මුහුණ දෙනවා. අන්තිමට මොකද වෙන්නේ කියලා ඔයාලට දැන ගන්න ඕනේ නම ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු ටිකකුත් තියෙනවා

Comments