EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Shutter (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageShutter (2004) | කරන කලට පව් මිහිරිය මී සේ, ගෙවන කලට…?
Imdb ratings 7.3/10 ගත්ත horror ෆිල්ම් එකක්…පුදුමයි නේ..? ලOකාවෙදීත් පිටරටදීත් ඔයගොල්ලො ඔනේ තරම් දැකලා ඇතිනේ ෆොටෝ වල ඉන්න අත්භුතයන්ව. එවන් තේමාවක් පාදක කරගෙන තමා මේක කරලා තියෙන්නේ. මේක අර මෝඩ පහේ Horror ෆිල්ම් එකක් වගේ නෙමයි. ඇත්තටම විය හැකිව්දිහේ සිද්ධියක්.
ජායාරූප ශිල්පියෙක් වටාතමා කතාව ගෙතිලා තියෙන්නේ. අලුත බැදපු මොහු හා මොහුගේ බිරිද අහඹු සිද්ධිවලට මුහුන දෙයි. මේ අතර මේ ජායාරූප ශිල්පියාගේ ජායාරූප සියල්ලක්ම මුද්‍රණ කටයුතු වලදී විනාශවෙයි.
සමහර ජායාරූපවල අත්භූත කාන්තාවක් දිස්වෙයි. මේ අතර මොහු බෙල්ලේ අමාරුවකින්ද පෙලෙයි. පසුව මේ යුවල මේ පිලිබද සොයයි. මෙ අතර ජායාරූප ශිල්පියා සගවාගෙන සිටින අතීතයක්ද ඔහුට ඇත. කතාව කුතුහලය දනවමින් ගලාගෙන යනවා. මේ අතරේ ජායාරූප ශිල්පියාගේ ලගම මිතුරන් ඝාතනය වෙයි. අවසානයේ කුමක් වෙයිද?
මේ අත්භූත කාන්තාව මේ අය සමග ඉන්නේ ඇයි..? ඇය ඉන්නේ කොහොහෙද ? ජායාරූප ශිල්පියාගේ බෙල්ලේ අමාරුවට හේතුව කුමක්ද ? ඔහුගේ මිතුරන් ඝාතනය වූයේ ඇයි ? ජායාරූප ශිල්පියාට කුමක් වෙයිද ? මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා…. මම නම් සාමානයයෙන් Horror film බලන්නෙ නෑ.. අහම්බෙන් HBO එකේ මේකේ Hollywood version එක බැලුවා පස්සේ විස්තර හොයලා බැලුවාම ඒක තායි ෆිල්ම් එකක remake එකක්. කොහොම හරි තායි ෆිල්ම් එකත් අහම්බෙන් හම්බුනා. එකත් බැලුවා. මට නම් තායි එක හොදයි. ඒ නිසා තායි එක දෙන්නම්. බාගෙන බලන්න. කවුරුත් බැලිය යුතු ෆිල්ම් එකක් හැටියට මම නිර්දේශ කරනවා.



