EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Silent Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageSilent Night (2023) | නිශ්ශබ්ද රාත්‍රිය
2023 දෙසැම්බර් මාසේ පළවෙනිදා ලොව පුරාතිරගත වීම ආරම්භ කළ Silent Night ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Woo විසින්. එය ඔහුගේ හොඳම චිත්‍රපට වලින් එකක් වන අතර මෙම චිත්‍රපටය මේ නත්තල් සමයටම අලලා සකසන ලද්දක්. ඉතින් මෙම චිත්‍රපටය ශබ්දය සමග මුසු වුණු නිහඬ චිත්‍රපටයක් නිසා Silent Night ලෙස නම් කරලා තියෙනවා.
කල්ලි දෙකක වෙඩි හුවමාරුවකින් නිකරුණේ ජීවිතය අහිමි වන තමන්ගේ පුතාගේ මරණයට වගකිවයුත්තන්ගෙන් පළිගන්නා පියෙක් වටා ගෙතුණු මේ සුපිරිම චිත්‍රපටය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බ්‍රයන්ගේ චරිතයට පණ පොවන්නේ Joel kinnaman විසින් . ඒවගේම Catalina Sandino, Kid Cudi, Harold Torres , Yoko Hamamura වැනි නළු නිළියන් රාශියක්ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. අනෙකුත් චිත්‍රපටිත් එක්ක බලනකොට සංගීත නිර්මාණය මෙම චිත්‍රපටය තුළ කැපී පෙනෙන අතර සංගීත අධ්‍යක්ෂණය Marco Beltrami විසින් සිදුකර තිබෙනවා.








