EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Singapore Saloon (2024) | “බාබර්”

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා,ඉන්ජිනේරුවෙක් වෙනවා,ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ ,මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරගනක විදයාව ඉගෙනගන්න ම වෙනවා.තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා.මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.

මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න .කාර්තිට එයාගෙර් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා,ගොඩක් දේවල් නැති වෙනවා ,එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හඳනවා .කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්රසිද්ධ කෙනෙක් වෙනවා.කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

Comments