CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2747 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 15, 2018United States135 Min.
Your rating: 0
9.7 3 votes
Solo : A Star Wars Story (2018) | නිදහස සොයා.. තරු අතරට!

Solo: A Star Wars Story ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය Han Solo නම් ස්ටාර් වෝර්ස් හි එන චරිතය මුල් කරගනිමින් නිර්මාණය වුනු චිත්‍රපටයක්. මම හාන් සෝලෝ කියන්නේ කවුද කියන එක ගැන විස්තර කියන්න යන්නේ නැහැ, ඔබ ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔහුව හඳුනනවා ඇති. මේ කතාව නිර්මාණය වන්නේ හාන් සෝලෝ ගේ තරුණ අවදිය මුල් කරගනිමින්. සාරාංශයක් වශයෙන් කරුණු කැටි කළොත්, කෝරේලියා නම් ග්‍රහ ලොව මංකොල්ලකාර රැජිණක් වූ ප්‍රොක්සිමා ආර්යාව සෙවණේ හැදී වැඩුනු හොරෙක් වුනු සෝලෝගේ සිහිනය වුනේ පියාසර නියමුවෙක් වී තාරකා අතර සැරිසරන්නයි. ඒ වෙනුවෙන් එයාගේ පෙම්වතිය කීරාත් සැදී පැහැදි සිටිනවා. ඔවුන් කෝරේලියාවෙන් පැන යන්න උත්සහ කරන අවස්ථාවේදී ආරක්ෂකයින් විසින් කීරා ව අල්ලා ගන්නා අතර හාන් පමණක් කෝරේලියාවෙන් පැන යනවා. පසුව අධිරාජ්‍යයීය හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට අවුරුදු තුනක් තිස්සේ ඔහු පුහුණු වන අතර ඔහුගේ එකම අරමුණ වන්නේ, ආපහු තම පෙම්වතිය කීරා සොයා කෝරේලියාවට යාමයි.

ඒ වෙනුවෙන් හමුදාවෙන් පැනගොස් හොරු කණ්ඩායමක් සමඟ එකතු වන්නේ, කොඇක්සියම් නම් අධ්‍යාවකාශ ඉන්ධන සොරකම් කර තමන්ට ලැබෙන කොටසෙන් තමන්ගේම කියා යානයක් මිලදී ගැනීමේ ආසාවෙන්. නමුත් ඒ වැඩේ අසාර්ථක වන්නේ එන්ෆිස් නම් තවත් මංකොල්ලකාරයෙකුගේ මැදිහත් වීම නිසාවෙන්. මේ හොර කණ්ඩායමට මේ වැඩේ බාර දී තිබෙන්නේ ක්‍රිම්සන් ඩෝන් නම් අපරාධ කණ්ඩායම විසින්. ස්ටාර් වෝර්ස් ප්‍රේක්ෂකයින්ට ඒ නම එච්චර නුපුරුදු නැතිව ඇති. තමන්ට ගැලවීමක් නැති බව දැනගන්නා මොවුන් ක්‍රිම්සන් ඩෝන් ඉහළ නිළදාරියෙකු වන ඩ්‍රයිඩන් වෝස් හමුවට යන්නේ, මෙය සමථයකට පත් කරගැනීමේ අරමුණින්. නමුත් නොසිතූ නොපැතූ අයුරින්, එහිදී හාන්ට ඔහුගේ පෙම්වතිය කීරාව මුණ ගැහෙනවා. ඒ ක්‍රිම්සන් ඩෝන් වෙනුවෙන් තම ජීවිතය වුව ද කැප කිරීමට සූදානම් ලුතිනන්වරියක් විදියට. ඉතින් මේ ඇති කතාව ගැන කිව්වා. Alden Ehrenreich හාන් සෝලෝගේ චරිතයට පණ පොවන අතර සුප්‍රසිද්ධ ඩැනේරිස් ටාගේරියන්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි මකර රැජිණගේ චරිතයට පණ පොවන Emilia Clarke කීරා ගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Donald Glover, Thandie Newton, Woody Harrelson වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය දක්වනවා. Ron Howard විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මිනිත්තු 132 ක කාලයක් පුරා දිවෙනවා. ඉතින් හැමෝටම අරාධනා කරනවා තාරකා යුද්ධයේ නවතම පෙළහර අත්විඳින්නට.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ (Baiscopelk)
IMDb 6.9 /10 360,790 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ron Howard
Director

Cast

Woody Harrelson isTobias Beckett
Tobias Beckett
Donald Glover isLando Calrissian
Lando Calrissian
Paul Bettany isDryden Vos
Dryden Vos
Jon Favreau isRio Durant (voice)
Rio Durant (voice)
Erin Kellyman isEnfys Nest
Enfys Nest

Similar titles

Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Rangers (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Descendants (2015) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inception (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bubble (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published