CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1943 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Some Like It Hot (1959) Sinhala Subtitles

Some Like It Hot (1959) Sinhala Subtitles

Mar. 19, 1959United States122 Min.
Your rating: 0
6 1 vote
Some Like It Hot (1959) | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්…!

Some Like It Hot 1959 Sinhala Sub
Some Like It Hot  1959 Sinhala Subtitle
Some Like It Hot 1959 Sinhala Subtitles

අද මම “එකසිය දහතුන්වන සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb 8.2 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 129 වෙනි” ස්ථානය ලබාගත් නිමැවුම ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 22 වෙනි ස්ථානයට දැනට නම්කර තිබෙන සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ චිකාගෝහි, “ජෝ” යනු සැක්සෆෝන් වාදකයෙකු වන අතර ඔහුගේ මිතුරා වන “ජෙරී” බ්‍රාස් වාදකයෙක්. ඔවුන් සේවය කරන්නේ මැර කල්ලියකට අයත් හෝටලයකයි. චාලි නම් තැනැත්තා දුන් ඔත්තුවට පොලිසිය මෙය වටලන ලදී. ජෝ සහ ජෙරී පලා යන අතරතුර පසුව ඔත්තුව දුන් චාලි ඇතුළු පිරිසක් වෙඩි තබා මරා දමනවා මොවුන් දෙදෙනා දකියි. මෙය දුටු නිසා ජෝ සහ ජෙරීටද කල්ලිය විසින් වෙඩි තබයි. නමුත් ඔවුන් දෙදෙනා එතැනින් බේරී පලා යයි. මේ නිසා ඔවුන් දෙදෙනා භීතියට පත්වෙයි. පසුව ජෝ සහ ජෙරී ජොසෆින් සහ ඩැෆ්නි නම් කාන්තාවන් ලෙස වෙස්වලාගෙන මියාමි වෙත යන කාන්තා සංගීත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙයි. දුම්රියේදී ජෝ සහ ජෙරී, එම සංගීත කණ්ඩායමේ සුන්දර ගායිකාවක් වන “සුගර් කේන්” සමඟ මිත්‍ර වෙති. ජෝ සහ ජෙරී, සුගර් වෙනුවෙන් උමතු වන අතර ඔවුන් වෙස්වළා ගනිමින් ඇයගේ සෙනෙහස සඳහා තරඟ කරති. නමුත් ඇය උපැස් යුවළක් පළඳින, මුහුදු යාත්‍රා හිමි කෝටිපතියෙකු සොයා ගැනීමට බලාපොරොත්තුවන බව ඔවුන් දෙදෙනා දැන ගනී.

ෂෙල් ඔයිල් සමාගමේ කෝටිපති උරුමක්කාරයා ලෙස පෙන්වාගෙන, ජූනියර් යන බොරු නම දෙමින් ජෝ විසින් සුගර් ආකර්ෂණය කරගනියි. සැබෑ කෝටිපතියෙක් වන විවාහක, වයසට ගිය, ඔස්ගුඩ් ෆීල්ඩින්, තරුණියක් ලෙස වෙස් වලාගෙන සිටින “ඩැෆ්නි” පසුපස එයි. ඔහු දිනක් යාත්‍රාවේ ෂැම්පේන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇයට ආරාධනා කරයි. නමුත් ජෝ විසින් ප්‍රයෝගකාරී ලෙස ඔස්ගුඩ් සහ ඩැෆ්නිව වෙනත් තැනකට යොමු කරයි. පසුව සුගර්, ඔස්ගුඩ්ගේ යාත්‍රාවට ගෙන යයි. ජෝ එය ඔහුගේ යාත්‍රාවක් ලෙස හඳුන්වා දෙයි. ඔහු සුගර් හට පවසන්නේ තම ආදරවන්තිය මිය ගිය මානසික කම්පනය නිසා තමන්ට තරුණියන් කෙරෙහි ඇති කැමැත්ත හීනවී ඇති බවයි. එය සුව කළ හැකි අයෙකු සමඟ විවාහ වන බවයි. සුගර් ඔහුගේ හැඟීම් අවදි කිරීමට උත්සාහ කරයි. මේ අතර එම හෝටලයේ හිමිකරු වන “ලිට්ල් බොනපාට්” ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ජාතික අපරාධ සින්ඩිකේටයේ ප්‍රධාන රැස්වීමක් වන “ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ඉතාලි ඔපෙරා” සඳහා සම්මන්ත්‍රණයක් පවත්වයි. ස්පාට්ස් සහ ඔහුගේ කල්ලියද මෙයට සහභාගී වීම සඳහා පැමිණෙයි. මෙහිදී ඔවුන් සොයමින් සිටි ඝාතනයේ සාක්ෂිකරුවන් ලෙස සිටි ජෝ සහ ජෙරී හඳුනා ගනී. මෙතැන් සිට ගැටළු රාශියක් පැන නඟියි. මෙය ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමා පටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief, M, Legacy Of Rage, The Third Man, Double Indemnity, එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විතානගේ ප්‍රියන්ත දයාකීර්ති (Baiscopelk)
IMDb 8.2 /10 266,605 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Billy Wilder
Director

Cast

Tony Curtis isJoe (Josephine)
Joe (Josephine)
Jack Lemmon isJerry (Daphne)
Jerry (Daphne)
Marilyn Monroe isSugar Kane Kowalczyk
Sugar Kane Kowalczyk
George Raft isSpats Colombo
Spats Colombo
Pat O’Brien isDetective Mulligan
Detective Mulligan
Joe E. Brown isOsgood Fielding III
Osgood Fielding III
Nehemiah Persoff isLittle Bonaparte
Little Bonaparte
Joan Shawlee isSweet Sue
Sweet Sue
Billy Gray isSig Poliakoff
Sig Poliakoff
George E. Stone isToothpick Charlie
Toothpick Charlie

Similar titles

Ice Age: Continental Drift (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Life in a Year (2020) Sinhala Subtitles
The Hobbit: The Battle of the Five Armies (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Welcome Wedding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published