EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSookshma Darshini (2024) | අතුරුදහන් වුනාද? අතුරුදහන් කළාද?
2024 අවුරුද්දේ මලයාලම් සිනමාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැති තරම්.ඒකෙදි ෆහාද් ෆසීල්ව (ෆෆා) අමතක කරන්න පුළුවන්ද, ඉතින් මිනිහගේ හැටියටනේ ගෑනිත්.මේකේ ප්‍රධාන චරිතයට ඉන්නේ ෆෆාගේ බිරිඳ නස්‍රියා නසීම්, ඒවගේම දුෂ්ට චරිතයට බැසිල් ජෝසප් කියලා කෙනෙක්.ඒවගේම Premalu ෆිල්ම් එකේ කාර්තිගා චරිතයට පණ පොවපු අකිලා භාර්ගවනුත් මේකේ ඉන්නවා.ඉතින් රඟපෑම අතින් වගේම තිරරචනය, අධ්‍යක්ෂණයත් සුපිරිම ලෙවල් එකට තියනවා.IMDb මීටරේ 8.1 කට කරකවපු මේ සලරුව M.C.ජිතින්ගේ දෙවනි අධ්‍යක්ෂණයයි.
ඉන්දීය රුපියල් කෝටි 10ක වියදමින් නිමවපු ෆිල්ම් එකේ ආදායම ජනවාරි 10 වෙනකොට කෝටි 56 ඉක්මවලා ගිහින් තියනවා.
කතාව ගැන වැඩිය නොකියා පොඩි අදහසක් දෙන්නම්.ප්‍රියා කියන්නේ උපාධියක් කරලා රස්සාවක් හොයන ගෘහණියක්.
මෙයාලගේ අල්ලපු ගෙදරට මැනුවල් කියලා කෙනෙක් එයාගේ අම්මා එක්ක එනවා.
එයාගේ අම්මට ඇල්සයිමර් රෝගය තියනවා කියලා කියන්නේ,දවසක් මැනුවල්ගේ අම්මා ගෙදරින් අතුරුදහන් වෙනවා.
ඉතින් මේ අම්මා කොහෙද ගියේ? එයාට මොකද වුනේ?ඉඩම් වලට ආසාවෙන් මැනුවල් අම්මට මොනාහරි කළාද?
එන්න ප්‍රියා එක්ක අපිත් හොයාගෙන යමු.









