EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Spadikam (1995) | යක්ෂයා

මලයාලි සිනමා ඉතිහාසයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වුන තවත් චිත්‍රපටයක් තිලිණ කරනවා. ඇත්තටම මලයාලි නෙමෙයි මුළු ඉන්දියානු සිනමා ඉතිහාසයේම චංඩියා කියන සුප්‍රසිද්ධ චරිතයට පසුකාලීනව ලොකු බලපෑමක් උන චංඩියෙක් තමයි ආඩු තෝමා කියන මෝහන් ලාල් රඟපාන මෙම චරිතය. සමහර මලයාලම් චිත්‍රපට වල මේ ආඩුතෝමා වචනය අහල තිබුනත් මොකක්ද කියල තේරුනේ මේකෙ. ඒ තරම්ම ඒක ජනවහරටත් කා වැදිලා. ඉතා සාර්ථකව තිර ගත උන මේ චිත්‍රපටිය IMDB 8.6 සටහන් වී තිබෙනවා. ගිය වසරෙත් නව 4K පිටපතක් සහිතව තිර ගත උන මේ චිත්‍රපටය එකල ශාලාවල දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වූනා. 43 වන ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම අධ්‍යක්ෂණය (භරතන්) සහ හොඳම නළුවා මෝහන් ලාල් සම්මාන දිනා ගත්තා.

Spadikam (1995) Sinhala Subtitles

මෙය දෙමළ, තෙළිඟු, කන්නඩ භාෂා තුනෙන්ම පසු කාලීනව ප්‍රති නිමාණය උනා. අමතරව මේ චරිතයෙන්ර් inspaire වුන චිත්‍රපට රාශියක් පසු කාලීනව බිහි උනා.

Spadikam (1995) Sinhala Subtitles

කතාව කියැවෙන්නේ පියෙක් සහ පුතෙක් අතර. ඉතා දක්ෂ සියළු දෙනා ගරු කරන ගණිත ගුරුවර‍යෙකුගේ ලොකුම අපේක්ෂාව තම පුත්‍රයා ගණීතඥයෙකු හෝ ඉංජිනේරුවෙක් කිරීම. එහෙත් ගණිතයට එතරම් දක්ෂයෙක් නොවෙන ඔහු විවිධ නව නිපයුම් වලට සමත් කම් දක්වනවා. කිසි විටෙකත් ඔහුගේ අභිලාෂයන් සහ සිහින තේරුම් නොගත් නිසාත්, ඒ වෙනුවට ඔහුව අනෙකුත් සිසුන් සමඟ සංසන්දනය කර නිරන්තරයෙන් ඔහුව හෑල්ලු කළ නිසාත් පුත්‍රයා නිවසින් පැන යනවා. තෝමස් චාකෝ නම් මේ සිසුවා ආඩුතෝමා නම් චංඩියා බවට පත් වෙන්නෙ ඒ නිසා. සිය පුත්‍රයා යක්ෂයෙක් ලෙස දකින පියාත් පියා කොටියෙක් ලෙස දකින පුතාත් අතර සිදුවන ගැටුම අතර ඔවුන්ට එක සේ ආදරය කරන මවත් නැගණියත් මැදි වෙනවා. අවසානයේදී මේ ගැටුම කෙසේ විසඳෙයිද?

Spadikam (1995) Sinhala Subtitles

වෙනත් චංඩි කතා වලට වඩා මලයාලින්ගේම යතාර්ථවාදී ආකෘතිය මෙහි සටන් වල පවා දකින්න පුළුවන්, මෝහන් ලාල්ගේ ජනප්‍රියතාව ඉතා ඉහලට නංවපු මේ චරිතය නිසාම එහි දෙවන කොටසක් කිරීම සඳහා අධ්‍යක්ෂකවරයාට මොහාන් ලාල් විසින් රථයක් පිරිනමන්න උත්සාහ කල නමුත් ඔහු එය නැවත ඉදිරියට ගෙන ඒම ප්‍රතික්ෂේප කල බව පවසෙනවා. මෙහි පියා ලෙස තිලකන් සහ පුතා ලෙස මෝහන් ලාල් ගෙන එන රඟ පෑම අතිවිශිෂ්ඨයි.

Comments