CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
889 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Spartacus (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spartacus (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 13, 1960United States197 Min.
Your rating: 0
10 1 vote
Spartacus (1960) | ස්පාටකස්

 

බයිස්කෝප් වෙබ් අඩවියේ ඉන්න ඔයාලට නම් මේ නම හොදට හුරුපුරුදු ඇති. ඒ රූපවාහිනී කතාමාලාව නිසා. හැබැයි මම අරන් ආව ස්පාටකස් 1960 ඔක්තෝබර් 06 වෙනිදා තිරගත වුනු චිත්‍රපටයයි.

ස්පාටකස් කියන්නේ වහලෙක්. රෝමයේ වංශවත් මිනිසුන් ලග වැඩ කරන මිනිස්සු තමයි වහල්ලු. ස්පාටකස් වහලෙක් වුවත් ඔහුව පුරුදු කරනවා කඩු මුගුරු හෙල්ල සටන් කරන ග්ලැඩියේටර් කෙනෙක් විදියට. ඒ අතරේ ඔහුට හමුවෙනවා වරේනියා කියලා කාන්තාවක්. ස්පාටකස් ඇයට ආදරය කරන්න ගන්නවා. ඔය අතරේ ඇතිවන සිදුවීමකින් වහල්ලුන් ගෙන් කැරැල්ලක් ඇති වී නිදහස සොයා යන ගමනේ රෝම හමුදාව එක්ක යුද්ධයකට පැටලෙනවා. කුමන්ත්‍රණ, පාවාදීම් මැද්දේ ගලාගෙන යන ස්පාටකස් කතාවේ අවසානය ඔයාලම රස විදින්න.

ස්පාටකස් තිර රචනා කරලා තියෙන්නේ ඩෝල්ටන් ට්‍රම්බෝ විසිනි. අධ්‍යක්ෂණය ස්ටැන්ලි කූබ්රික් ගෙනි. ඇමරිකානු ඓතිහාසික නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය 1951 හොවාර්ඩ් ෆාස්ට් විසින් රචනා කල නව කතාවක් පදනම් කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

ස්පාටකස් ලෙස රංගනයෙන් එක්වන්නේ Kirk Douglas ය. වරේනියා ලෙස Jean Simmons සහ ක්‍රැසස් ලෙස Laurence Olivier රංගණයෙන් එකතු වේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට මුලින්ම යෝජනා වී තිබුනේ ඩේවිඩ් ලීන්ය. පසුව ඒ යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර පසුව ඇන්තනි මැන් අධ්‍යක්ෂනයට අත ගසා ඇත. චිත්‍රපටයේ ආරම්භක දර්ශණය වන ගල් වලේ දර්ශණය රූපගතකිරීම් වලින් පසු ඇන්තනි මැන් ද අධ්‍යක්ෂණයෙන් ඉවත් වී ඇත. පසුව දැනගන්නට ලැබුනේ ඔහු චිත්‍රපටයේ විෂය පථයට තරමක් බය වෙලා ඇති බවයි. ඉන්පසු මේ වන විටත් චිත්‍රපට හතරක් අධ්‍යක්ෂනය කර සිටි තිස් හැවිරිදි ස්ටැන්ලි කූබ්රික් චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට එකතු වී ඇත. මේ වෙනකොට ස්පාටකස් දැවැන්ත ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ. ඒක ඩොලර් මිලියන 12 ක අයවැයක්. රගපාන නලු නිලියන් ගණන 10,500 ක්.

චිත්‍රපටයේ සමූහ මිනිසුන්ගේ කෑ ගැසීම නාලිකා තුනකින් ශබ්ද උපකරණ භාවිතා කර මිචිගන් ප්‍රාන්තයේ නොට්‍රේඩේම් විද්‍යාලයේ පාපන්දු තරගයකදී ප්‍රේක්ෂකයින් 76,000ක් ගේ ශබ්දය පටිගත කර ඇත.

චිත්‍රපටය රූපගත කිරීම් අතරතුර පොඩි පොඩි ආරවුල් ටිකකුත් ඇතිවෙලා. ඒ වන විට සෑහෙන චිත්‍රපට ගණනාවක වැඩ කරලා අත්දැකීම් ඇති ප්‍රවීණයෙක් වන රසල් මෙට් තමයි චිත්‍රපටයේ කැමරාව හසුරවලා තියෙන්නේ. නමුත් අධ්‍යක්ෂකගේ අසාමාන්‍ය ලෙස නිවැරදි සවිස්තරාත්මක උපදෙස් නිසා රසල් මෙට් මේ පිළිබදව නිෂ්පාදකයින්ට පැමිණිලි කරලා තියනවා.

චිත්‍රපටය ගැන කතා කරන්න නම් තව බොහෝ දේවල් තියනවා. නමුත් අවසානයේ විනාඩි 184ක් පුරා දිවෙන අති දැවැන්ත සිනමා නිර්මාණයක් එළිදැක්වුනි. ස්පාටකස් අති විශාල බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලබා ඩොලර් මිලියන 60ක ආදායමක් ලබාගත් අතර, ඔස්කාර් සම්මාන 4ක් දිනාගැනීමට ද සමත් විය. තවද හොදම ඓතිහාසික වීර කාව්‍යයන් අතරට ශ්‍රේණිගත කිරීමක් ලෙසද එක්විය. IMDb 7.9ක අගයක් ද ලබාගෙන ඇත.

චිත්‍රපට 50කට ආසන්න ගණනක රගපෑ ස්පාටකස් හී ප්‍රධාන චරිතය වන සිපාටකස් ලෙස රගපෑ Kirk Douglas පසුගිය පෙබරවාරි මස 5 වනදා කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත විය. Diana Douglas සමග වූ පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු ඩග්ලස්, Anne Buydens සමග දෙවන වරට විවාහ විය. Michael Douglas, Eric Douglas, Peter Douglas, Joel Douglas යන දරුවන් ගේ පියා වූ ඩග්ලස් මිය යන විට 103 වැනි වියේ පසුවිය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් ශමීර ජයසිංහ (Baiscopelk)
IMDb 7.9 /10 147,404 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kirk Douglas isSpartacus
Spartacus
Laurence Olivier isMarcus Licinius Crassus
Marcus Licinius Crassus
Charles Laughton isSempronius Gracchus
Sempronius Gracchus
Peter Ustinov isLentulus Batiatus
Lentulus Batiatus
John Gavin isJulius Caesar
Julius Caesar
Tony Curtis isAntoninus
Antoninus
Nina Foch isHelena Glabrus
Helena Glabrus
Herbert Lom isTigranes Levantus
Tigranes Levantus

Similar titles

The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Army of the Dead (2021) Sinhala Subtitles
Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
The Trial of the Chicago 7 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It Feeds (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ted (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jester (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published