CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sri Sri Sri Raja Vaaru (2025) | “සිගරට් දුමෙන් ඉපදුණු රාජා”

 

අද අරගෙන ආව Sri Sri Sri Raja Vaaru කියන්නේ තෙළිගු ෆිල්ම් එකක්. ඉතින් මම මෙහෙම ඇහුවොත්?. ඉපදෙන කොටම මැරිලා ඉදලා, සිගරට් දුම නිසා ආයෙත් පණ එන කොල්ලෙක්ගේ අනාගතේ මොන වගේ එකක් වෙයිද?
ඉතින් මෙන්න මේ වගේ කොල්ලෙක්ගේ කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේ කොල්ලගේ නම රාජා. සිගරට් දුම නිසා පොඩි කාලේ ජීවිතේ බේරුනා වගේම තමයි. එයාට මේක නවත්තගන්න බැරි ලොකුම ලොකු ඇබ්බැහියක් වෙනවා. මෙයාගේ තාත්තයි එයාගේ සහෝදරයයි මැතිවරණයකට තරග කරනවා. ඒ අස්සේ රාජා ගේ හිත ගියපු කෙල්ල තමයි නිත්‍යා. ඒ වෙන කවුරුත් නෙමෙයි. එයාගේ මාමගේ දුව.
හැබැයි මාමා, රාජාට කැමති නෑ එයාගේ මේ නරක පුරුද්ද නිසා. කොහොමහරි මේ සිගරට් ප්‍රශ්නේ ලොකුවටම රාජාට බලපානවා. වෙන මොන දේ අමතක වුනත්, කොහෙහරි යනකොට රාජාට සිගරට් පෙට්ටියනම් ගෙනියන්න අමතක වෙන්නේ නෑ. ඉතින් මම තවත් වැඩි පුර මේ ගැන කියන්න යන්නේ නෑ. රාජා ගේ සිගරට් ඇබ්බැහිය මොන විදිහට එයාගේ අනාගතේට බලපායිද? නිත්‍යාව කසාද බැදගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඒ ටික ඔයාටම බලන්න ඉඩ දීලා, මම නවතින්නම්.

Comments