EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මිනීමරුවෙකුගේ මනස තුළට එබී බැලීමක්

ඔන්න ත්‍රාසජනක (Psychological Thriller) චිත්‍රපට පිස්සන්ට සුපිරිම දෙමළ චිත්‍රපටයක් අරගෙන ආවා. Stephen කියන්නේ මෑතකදී රිලීස් වෙලා කාගෙත් කතාබහට ලක්වුණු, මිතුන් බාලාජි (Mithun Balaji) අධ්‍යක්ෂණය කරපු පට්ටම ෆිල්ම් එකක්.

කතාව ගැන කියනවා නම්, ස්ටීවන් කියන්නේ තමන් මිනීමරුවෙක් කියලා පාපොච්චාරණය කරපු කෙනෙක්. ඉතින් මෙයාගේ මානසිකත්වය පරීක්ෂා කරන්න එනවා සීමා (Smruthi Venkat) කියලා ඩොක්ටර් කෙනෙක්. මුලින් මේක නිකන්ම නිකන් ප්‍රශ්න කිරීමක් වගේ පෙනුනට, යන්න යන්න මේක මාරම අභිරහස් පැත්තකට හැරෙනවා. ඩොක්ටර් හිතනවාට වඩා ගොඩක් භයානක සහ අඳුරු රහස් මේ ස්ටීවන්ගේ ඔලුව ඇතුලේ තියෙනවා කියලා එයාට තේරෙන්න ගන්නේ පස්සේ.

මේකේ ප්‍රධාන චරිතය කරන ගෝමතී ශංකර් (Gomathi Shankar) ගේ රංගනය ගැන නම් කියන්න වචන නෑ. මනුස්සයාගේ මූණේ ඉරියව් වෙනස් වෙන විදියට බලන් ඉන්න අපිටත් පිස්සු හැදෙනවා.

ලොකු බජට් එකක් නැති වුණාට කතාවේ තියෙන ගැම්ම නිසා ඇසිපිය ගහන්නේ නැතුව බලන් ඉන්න පුළුවන්. ක්ලයිමැක්ස් එක (Climax) එහෙම හිතාගන්න බැරි විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කුතුහලය, බය සහ අභිරහස් පිරුණු පැය දෙකක් ගත කරන්න ලෑස්ති වෙන්න!

Comments