EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStree (2018) | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක…
අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්…
නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය…
දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන…
සැබෑ ආදරයක්..
ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා..
එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ..
ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු වෙලා…
ඒ දෙන්නගේ මංගල රාත්‍රියට කලින්දා රෑ මේ දෙන්නව මරල දානවා..
මාර සීන් එක නේ. ඔන්න ඕක තමයි අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්න යන කතාව. නෑ නෑ ඕක නෙවෙයි කතාව. ඔතනින් පස්සේ වෙන ටික තමයි කතාව. ස්ත්‍රී.. 2018 වසරේ නිකුතු වුනු තවත් සුපිරි ගනයේ සිනමා සිත්තමක්. අමර් කවුෂික්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් ස්ත්‍රී චිත්‍රපටිය ඉන්දියානු කෝටි රුපියල් විසි පහකටත් වඩා අඩු බජට් එකකින් නිපදවනු ලැබූවා වගේම ඉන්දියානු රු. කෝටි දෙසීයකට ආසන්න ආදයක් ලබාගැනීමට සමත් වන්නේ විචාරක ප්‍රසාදය උපරිමයෙන් දිනාගනිමින්. ඔයාලට ගිහින් බැලුවොත් දැකගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටිය සඳහා වෙන් වෙලා ඇති IMDB අගය 8.2 ක් වගේ ලොකු අගයක්. ඉතින් නොබල කොහොමද?
Comedy Horror කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය මිනිත්තු 129ක් පුරා දිවෙන අතර කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ බිහිවූ දක්ෂ නළුවකු වන රාජ්කුමාර් රාවෝ සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් ගෙන් රංගනයෙන් හැඩවෙච්ච මේ සිනමා සිත්තම ඉන්දියානු නාගරික පුරාවෘතයක් පදනම් කරගෙන තැනුවක්. මහා රෑට පිරිමි අයවලුන් පැහැරගෙන යන කාන්තා ආත්මයක් ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මෙයාගේ බැල්මෙන් බේරෙන්න ඒ දවස් වල හැම ගෙදරම බිත්තියේ “ස්ත්‍රිය, අද නොවේ හෙට එන්න” කියලා ලියලා තිබුනලු. (හරියට අර “බාලගිරිදෝෂය අද නෙවේ හෙට” වගේ එකක්). ඉතින් චිත්‍රපටියක් විදිහට ගත්තම ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. නැත්නම් ඔච්චර රේටින් හම්බෙන්නේත් නෑනේ. කාලයක් තිස්සේ පැවතුනු හොඳ චිත්‍රපටි හිගයක් පැවතුනු සිනමා කාන්තාරයට වැටුණු දිය බින්දුවක් කියල කියන්න පුළුවන් සුපිරි ගනයේ චිත්‍රපටියක් වගේම කාලෙකින් පොඩ්ඩක් ලේ පිරිසිදු කරගන්නත් පුළුවන් චිත්‍රපටියක් කියලත් ඔයාලට මතක් කරන්න ඕන.
- Stree (2018)
- Bhediya (2022)
- Munjya (2024)
- Stree 2 (2024)
- Thamma (2025)













