EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Surrounded | Frenzy (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jose Montesinos
Country:United States of America
Year:2018
Subtitle By: ෂයිනි යෙහාරා (CineSubz.lk)
Country: United States
Cast
Go Full Cast Pageමෝරුන් සමග සටනක්...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම අද ගෙනාව කතාව තමයි Frenzy (2018) කියන්නේ. 2018 වසරේ නිකුත් උන මේ ෆිල්ම් එක Action, Adventure සහ Thriller ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 24ක් දිග ඇරෙන මේ කතාවේ ප්‍රධාන නලු නිලියන් වෙන්නේ, Aubrey Reynolds, Gina Vitori, Lanett Tachel, Taylor Jorgensen, Michael S. New සහ Russell Geoffrey Banks. එයාලා වැඩිය ඇහැ ගැටෙන්නේ නැති නලු නිලියන්. ඒත් ෆිල්ම් එක නම් නියමයි.
මෙහෙමයි කතාව.
කතාව පටන් ගන්නේ තරුණ කෙල්ලො දෙන්නෙක් (Paige සහ Lindsey) සහ එයාලාගේ යාළුවෝ ටික දෙනෙක්, ආසියානු/දූපත් ප්‍රදේශයක ට්‍රිප් එකක් යන ගමනක් එක්ක. එයාලා පොඩි ප්‍රයිවට් ප්ලේන් එකකින් ඒ ට්‍රිප් එක යන අතරේ, හදිසි තාක්ෂණික ගැටලුවක් නිසා ප්ලේන් එක මුහුදට කඩන් වැටෙනවා.
ප්ලේන් එක කඩන් වැටුනට පස්සේ එයාලා බේරෙනවා. ඒත් එයාලා දැනගෙන හිටියේ නෑ ඉස්සරහට වෙන්න යන දේ ගැන.
එයාලා ප්ලේන් එකේ සිග්නල් පවා ඕෆ්කරලා ඔය ගමන යන්න ගියේ. එයාලා වැටුනාම, මහ මුහුදේ කවුරුවත්ම පේන්නවත් නැති තැනක, කාටවත්ම යන්න අවසර නැති තැනක, එයාලා තනි වෙනවා. බෝට්ටුවක්වත් මුකුත්ම එයාලා කිට්ටුව නෑ.
එහෙම ඉද්දි එයාලාට මෝරුන්ගෙන් ප්‍රහාරයක් එනවා. එයාලාගෙන් ටික දෙනෙක් ඒ වෙද්දිත් තුවාල වෙලා හිටියේ. හදිස්සියේ ආව මෝර ප්‍රහාරෙන් එයාලට මොකද වෙන්නේ? එයාලා හැමෝටම ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද? කාත් කවුරුවත් නොදන්න නොඑන තැනක හිරවෙලා ඉන්න එයාලාට, පණපිටින් ආයේ යන්න පුලුවන් වෙයිද?
ඒක ඔයාලාම බලලා දැනගන්න කියලා මම ආරාධනා කරනවා.




