EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Suvarna Sundari (2023) | “මාරයාගේ වෙස් ගත් සුවර්ණ සුන්දරී පිළිමය”

ඔන්න අදත් තවත් තෙළිඟු සිනමා සිත්තමක සිංහල උපසිරැසි අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා..අද අරගෙන ඇවිත් තියෙන්නේ Suvarna Sundari (2023) චිත්‍රපටය..ඉතින් මේක මුලින් 2018 වර්ෂයේ තමයි නිකුත් වෙන්න නියමිත වෙලා තිබ්බේ..නමුත් යම් යම් හේතු නිසා ඒ අවුරුද්දෙදි ෆිල්ම් එක රිලීස් වෙලානම් නෑ..ඔයාලා ගූගල් සර්ච් කරලා බැලුවත් ඔයාලට මේක 2018 අවුරුද්දට නියමිත ෆිල්ම් එකක් විදියට දැකගන්න පුලුවන්..ඉතින් කොහොමෙන් කොහොම හරි අන්තිමට මේක 2023 පෙබරවාරි 03 වෙනිදා සිනමාශාලා වලට නිකුත් වෙනවා..

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Surendra Madaarapu විසින්.. ඒ වගේම මේක අයිති වෙන්නේ Drama/Fantasy/Thriller කාණ්ඩයන් වලට..ඒ වගේම රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7.7/10 අගයකුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Sakshi Chaudhary, Shamna Kasim සහ Jaya Prada ප්‍රධාන චරිත රඟ දක්වන අතරම Sai Kumar, Avinash, Satya Prakash, Ram Maddukuri, Satya Prakash වගේ නලු නිළියන් රැසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා..

අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මේ කතාව පටන් ගන්නේ නපුරු බලවේගයක් අරක්ගෙන ඉන්න එක්තරා පිළිමයකින්..මේ පිළිමයට වර්තමානයේ නම් ලැබිලා තියෙන්නේ සුවර්ණ සුන්දරී පිළිමය කියලා..ඉතින් මේ පිළිමය ගොඩක් වාසනාවන්ත සලකුණක් කියලා හිතන ගොඩක් අය මේක කෝටි ගාණකට අලෙවි කරන්න උත්සාහ කරනවා..ඒත් ඒ කවුරුත් දන්නෑ මේ පිළිමයේ ඉතිහාස කතාව…ඉතින් මේක වටින පිළිමයක් නිසා එක එක කල්ලි කීපයක්ම මේක ලබාගන්න උත්සාහ කරනවා..එහෙම උත්සාහයක යෙදිලා මේක ලබාගෙන විකුණන්න යන අතර මගදි ඒ කණ්ඩායම අනතුරකට පත්වෙනවා..මේ අතරේ අනතුර සිද්ධ වුණ තැනින් බැංගලූර් වල බිස්නස් මීටින් එකට යමින් ඉදපු අංජලීගේ අතට මේ සුවර්ණ සුන්දරී පිළිමය පත්වෙනවා..ඉතින් මේ පිළිමෙත් බෑග් ⁣එකේ දාගෙන මීටින් එක තියන තැනට යන්න ලිෆ්ට් එකට නැගපු අංජලී, එයාගේ හස්බන්ඩ් රාම් ඇතුලුව ලිෆ්ට් එකේ හිටපු හැමෝමත් එක්කම ලිෆ්ට් එක අතර මැදදි හිර වෙනවා..ඉතින් ඔය වෙලාවේ හැමෝම බය ගන්වමින් එක එක අමුතු දේවල් සිද්ධ වේවි තියන අතරෙම ඒ ලිෆ්ට් එකේ ඉන්න එක එක්කෙනා එක එක විදියට මැරෙන්න පටන් ගන්නවා..ඉතින්,

  • ඒ ලිෆ්ට් එකේ හිටපු අය මැරෙන්නේ මොකක් නිසාද?
  • කවුද එයාලව මරන්නේ?
  • මේ දේවල් වලට මේ පිළිමේ තියන සම්බන්ධෙ මොකද්ද?
  • ඇත්තටම අංජලී කියන්නේ කවුද?
  • මේ හැම දේකම ආරම්භය වුණේ අංජලී නිසාද?

කියන ප්‍රශ්න තොගේකටම උත්තර දැනගන්නම් ඔයාලට මේ ෆිල්ම් එක අවසන් වෙනකන්ම නරඹන් වෙනවා..

Comments