CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1416 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Swimfan (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Swimfan (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 06, 2002United States84 Min.
Your rating: 0
8.5 2 votes
Swimfan (2002) | අතිබිහිසුණු රූමතියගේ වියරු ආකර්ෂණය

 

මේ වතාවේ මං අරගෙන ආවේ පැරණි නමුත් හොඳ ත්‍රාසජනක සිනමා පටයකට. ඒ තමයි Swimfan (2002). මේක නිකුත් වුණේ 2002 සැප්තැම්බර් 06 වැනිදා. ජෝන් පෝල්සන් විසින් අධ්‍යක්ෂණය කළ Swimfan (2002) චාල්ස් බෝල් සහ ෆිලිප් ශ්නීඩර් විසින් රචනා කර තිබෙනවා. මේක රූමත් තරුණියකගේ රාගයට හසුවී අමාරුවේ වැටෙන පාසල් වියේ පිහිණුම් ශූර තරුවක් මුහුණ දෙන බිහිසුණු සිදුවීම් දාමයක් ගැන ත්‍රාසජනක කතාවක්. Swimfan (2002) සිනමා පටය IMDb දර්ශකයේ 5.1/10 වැනි අගයක් තමයි හිමිකරගෙන තියෙන්නේ. Swimfan (2002) නිව් ජර්සි සහ නිව්යෝක් වල දර්ශන තල වල රූගත කෙරී තිබෙන අතර ඩොලර් මිලියන 10ක පිරිවැයකින් නිෂ්පාදනය කෙරී, නිකුත් වූ පළමු සතියේම උතුරු ඇමරිකානු බොක්ස් ඔෆිස් ආදායමේ අංක එකේ ස්ථානයට පත් වුණා වගේම ඩොලර් මිලියන 12.4ක් උපයාගෙන සමස්තයක් ලෙස ඩොලර් මිලියන 34.4 ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Swimfan (2002) චිත්‍රපටය බොහෝ රටවල 20th Century Fox විසින් බෙදා හැරුණේ Paramount Pictures සහ Miramaxගේ බෙදාහැරීමේ හිමිකම අභිබවන්නට හැකි වුණු නිසයි. නමුත් Icon Film Distribution විසින් එය එක්සත් රාජධානියේ බෙදා හරිනු ලැබුවා.ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම වුණු ඩොලර් මිලියන 34.4 න් තුනෙන් එකක් පමණ ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ එහි පළමු ස්ථානයට පත්වුණු සති අන්තයෙදියි.

මෙම සිනමාපටයට දායක වන රංගන ශිල්පින් සහ ශිල්පිනියන්

  • Jesse Bradford බෙන් ක්‍රොනින් ලෙසින්
  • Erika Christensen මැඩිසන් බෙල් ලෙසින්
  • Shiri Appleby ඒමි මිලර් ලෙසින්
  • Kate Burton කාර්ලා ක්‍රොනින් ලෙසින්
  • Clayne Crawford ජෝෂ් ලෙසින්
  • Jason Ritter රැන්ඩි ලෙසින්
  • Kia Joy Goodwin රීන් ලෙසින්
  • Dan Hedaya පුහුණුකරු සිම්කින්ස් ලෙසින්
  • Michael Higgins ටිල්මන් ලෙසින්
  • Nick Sandow රහස් පරීක්ෂක ජෝන් සේබල් ලෙසින්
  • Pamela Isaacs ඊගන් මහත්මීය ලෙසින්
  • Phyllis Somerville ග්‍රේචන් නැන්දණිය ලෙසින්
  • James DeBello ක්‍රිස්ටෝපර් ලෙසින්
  • Monroe Mann ජේක් ඩොනලි ලෙසින්
  • Patricia Rae ජෙක්ගේ හෙදිය ලෙසින්

වැඩි විස්තර නැතිව චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියන්නම් එහෙනම්. බෙන් ක්‍රොනින් (Jesse Bradford) කියන්නේ ඔහුගේ උසස් පාසලේ පිහිනුම් කණ්ඩායමේ තරුවක්. ඔහුගේ පුහුණුකරු වන සිම්කින්ස් (Dan Hedaya) ඔහුට දැනුම් දෙනවා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බාලදක්ෂයින් ලබන සතියේ පිහිනුම් තරඟයට සහභාගී වන බව. බෙන් සහ ඔහුගේ පෙම්වතිය වන ඒමි (Shiri Appleby) ඔවුන්ගේ සැලසුම් සාකච්ඡා කරනවා, ඒමිට රෝඩ් අයිලන්ඩ්හි පාසලකට යාමට සිදුවීම ගැන. ඇය රෝඩ් අයිලන්ඩ් යන්න කැමති වුණත් බෙන් අසල රැඳී සිටීමට කැලිෆෝනියාවේ පාසලට යන බව පැහැදිලි කරනවා. ඊළඟ දවසේ, බෙන් තම මෝටර් රථය පදවන අතර, මැඩිසන් බෙල් (Erika Christensen) නැමැති ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාව එම රථයට හසුවීමට යනවා. කෙසේ වෙතත් ඇයට හානියක් වෙන්නේ නැහැ. ඔහු අයගෙන් සමාව අයැදීමක් ලෙස ඇයට ඇයගේ ගෙදරට එක්ක යනවා. නමුත් මැඩිසන් ඇගේ සටහන් පොත ඔහුගේ මෝටර් රථයේ අමතක වෙලා ගිහින් කියල ඔහු දැනගන්නවා. ඔහු සටහන් පොත ආපහු දෙන්න යද්දී මැඩිසන්ගේ ඥාති සහෝදරයා වන ක්‍රිස්ටෝපර් බෙන්ට හමුවෙනවා. ඉන්පසුව, එහිදී බෙන්ව හමුවන මැඩිසන්ගේ ඉල්ලීම මත බෙන් මැඩිසන්ව රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්යක යනවා. රාත්‍රී භෝජන සංග්‍රහයේදී, බෙන් මැඩිසන්ට තම පෙම්වතිය ගැන කියනවා, ඒවගේම මැඩිසන් පැහැදිලි කරන්නේ නිව්යෝර්ක් නගරයේ ඇය එනතුරු බලා සිටින පිරිමි ළමයෙක් ඉන්නා බව. බෙන් රෑ කෑම වේල අවසන් කරන්න උත්සාහ කළත්, මැඩිසන් ඔහුට පිහිණුම් තටාකයට යාමට ඒත්තු ගන්වනවා. එහිදී ඇය ආක්‍රමණශීලී ලෙස බෙන්ව පොළඹවාගෙන ඔහු සමඟ ලිංගිකව හැසිරෙනවා. ඔවුන් තීරණය කරන්නේ මේක රහසක් ලෙස තියාගන්නයි. 

පසුවදා බෙන්, තමන්ගේ පෙම්වතිය වන ඒමිගේ නිවෙසට යනවා. එහිදී ඒමි තමන්ගේ අලුත් යෙහෙළියකව බෙනට හඳුන්වා දෙනවා. ඒ මැඩිසන්. ඒත් ඔවුන් දෙන්නා හැසිරෙන්නේ තමන් එකිනෙකා නොහඳුනන විධියට. ක්‍රම ක්‍රමයෙන් මැඩිසන් තුල බෙන් කෙරෙහි උමතු ආකර්ෂණයක් හටගන්නවා. ඔහු එක්ක පණිවුඩ හුවමාරු කරන ඇයගේ බලපෑමෙන් බෙන්ට තමන්ගේ පිහිණුම් ක්‍රීඩා කටයුතු වල වෙනදා වගේ නියැලෙන්න බැරි වෙනවා. කොහොම වුණත් බෙන් මේ ගැන ඒමිට පාපොච්චාරණය කරන්න හැදුවත් අන්තිමේදී ඒමි කියනවා මේ ගැන තමන් දැනටම දන්නා බව. මේ අතර මැඩිසන් බෙන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමේ මිත්‍රයෙක් වන ජොෂ් (Clayne Crawford) එක්ක පෙම් සබඳතාවක් පවත්වනවා. ඔවුන්ගේ මහා පිහිනුම් තරඟයට සුළු වෙලාවකට කළින්, බෙන් ඔහුගේ මුත්‍රාවල තහනම් හෝමෝන තිබීම නිසා තරඟයට නුසුදුස්සෙක් වෙනවා. මැඩිසන් ජෝෂ් ඔහුව එයට පැටලෙව්වා කියලා සැක කරලා, කෝපයට පත් වෙලා, මත්ද්‍රව්‍ය පරීක්ෂණය ගැන ජොෂ් එක්ක වාද කරනවා. දින කිහිපයකට පසු, මැඩිසන් අහම්බෙන් ජොෂ්ව සිප ගනිමින් සිටියදී බෙන්ගෙ නමින් කතා කරනවා. බෙන් ගැන මැඩිසන්ගේ උමතුව ඇත්තක් බව ජොෂ් තේරුම් අරන් ඇයව හැර යනවා. මේ අතර හදිසියේම පිහිණුම් තටාකයේදී හිසේ වූ තුවාල සහිතව සිටින ජෝෂ්ගේ මළ සිරුර හුදෙකලාව පිහිනන්න යන ජෝෂ් දැක භීතියට පත්වෙනවා. තටාකය අසළ වෙන කෙනෙක් නොසිටි නිසා සහ තහනම් උත්තේජක සිදුවීමෙන් පසුව ජෝෂ් එක්ක තිබුණු ගැටළු නිසා මේ ඝාතනයට බෙන් පොලිසියේ සැකකරුවෙක් වෙනවා. පොලිසියේ සැකය අනුව බෙන්ව අත්අඩංගුවට ගත හැකි වේද? මේ අතරැ ජේක් ඩොනලි නම් කෙනෙක් සම්බන්ධ මීට සමාන සිදුවීමක් ගැන මැඩිසන්ගේ ඥාති සහෝදරයෙක් වන ක්‍රිස්ටෝපර් (James DeBello) අනතුරු හඟවනවා. කවුද මේ ජේක් ඩොනලි? බෙන් ක්‍රිස්ටෝපර්ගේ උපකාරය ද සහිතව ජේක් ඩොනලි හමුවෙන්න ගිය පසු ඔහුට දකින්න ලැබෙන්නේ කුමක්ද? මේ අතර බෙන්ට ලැබෙන ඇමතුමෙන් ඒමි ගැන ලැබෙන බිහිසුණු ආරංචිය මොකක්ද? මැඩිසන් බෙල් ජේක්ගේ මෝටර් රථය පැහැරගෙන ඇත්තේ මොකටද? බෙන්ට මිනීමැරුම් චෝදනා වලින් ගැලවෙන්නට හැකිද? මැඩිසන්ගේ උන්මත්තක භීෂණාත්මක ආදර වියරුවේ අවසන් ඵලය කුමක්ද? මේ සියලු ත්‍රාසජනක සිදුවීම් වලින් පසුව අවසානයේ මොකක් වෙයිද කියලා චිත්‍රපටය සම්පූර්ණයෙන් බලලා දැනගන්න.

මේ සිනමා පටයේ ලිංගික දර්ශන සහ ප්‍රචණ්ඩත්වය අන්තර්ගත වන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 5.1 /10 21,659 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Polson
Director

Cast

Jesse Bradford isBen Cronin
Ben Cronin
Erika Christensen isMadison Bell
Madison Bell
Shiri Appleby isAmy Miller
Amy Miller
Kate Burton isCarla Cronin
Carla Cronin
Peter Hermann isER Doctor
ER Doctor
Dan Hedaya isCoach Simkins
Coach Simkins
Nick Sandow isDetective John Zabel
Detective John Zabel
Phyllis Somerville isAunt Gretchen Christopher
Aunt Gretchen Christopher

Similar titles

Antrum (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Truth or Dare (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla vs Kong (2021) Sinhala Subtitles | Watch Online
Air Force The Movie: Danger Close (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spartacus (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunter (2020) Sinhala Subtitles
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  Original Quality Updated
Goblin (2020) with Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published