EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTangled (2010) | මගෙ සිහිනය…
ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්Zසල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්Zසල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්Zසල්ට එක දවසක් ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්Zසල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.
වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්‍රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ “Rupanzel” කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්‍රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.
අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්Zසල්ගේ සුරංගනවා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනවා කතාවක්..
Tangledෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න 👇01.
Tangled (2010)
02.
Tangled Ever After (2012)
03. Tangled: Before Ever After (2017)
Tangled (2010)
Tangled Ever After (2012)











