EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්.
කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක වෙනවා.
දැන් කතාව දිහාට හැරෙමුකෝ. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.


