EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Terrifier 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Damien Leone, Jason Leavy, Michael Leavy, Phil Falcone
Cast
Go Full Cast PageTerrifier 2 (2022) | “උමතු විකටයා නැවතත්”
2016 වසරේ නිකුත් වූ Terrifier චිත්‍රපටයේ Sequel එක ලෙස නිර්මාණය වූ මෙයට පෙර චිත්‍රපටයට වඩා දැඩි අවධානයක් සහ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි කරගත්තේ චිත්‍රපටය තුල වූ මෙම ලේ වැගිරීම් සහ ප්‍රේක්ෂකයා අපහසුතාවයට ලක් කරන දර්ශන ඇතුලත් වීම නිසාමය. Splatter Slasher ශානරයන්ට අයත් නිර්මාණයක් ලෙස පෙර ජ්නප්‍රිය නිර්මාණ සදහා දායක නොවූ නවක නලු නිලි කැලක් සමගින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, රචනය, සංස්කරණය සහ නිෂ්පාදනය යන සියලු කටයුත්තක්ම පළමු චිත්‍රපටයද නිර්මාණය කල Damien Leone විසින් සිදු කිරීම විශේෂත්වයක් වන අතර V/H/S ඇතුලු චිත්‍රපටද නිර්මාණය කල Horror නිර්මාණ සම්බන්ධයෙන් නමක් දිනූ ස්ටූඩියෝවක් වන Bloody Disgusting විසින් මෙහි බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.
පසුගිය ඔක්තෝබර් 06 වෙනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය පුරා තිරගත වීම ඇරඹි Terrifier 2 චිත්‍රපටය මේ වනවිට ඇ.ඩො දෙලක්ෂ පනස්දහසක ඉතා අවම පිරිවැයකින් ඇ.ඩො මිලියන 6.3 ක ආදායමක් ලබමින් ඉතා දැවැන්ත සාර්ථකත්වයක්ද අත්පත් කරගෙන ඇති අතර Horror නිර්මාණයක් ලෙස ඉහල විචාරක ප්‍රතිචාරයක්ද ලබමින් ඉහල RT අගයක්ද වාර්තා කොට ඇත.මේ වසර Horror චිත්‍රපට සදහා සුබ වසරක් වූ අතර නිකුත් වූ චිත්‍රපට 07 ක්ම ඇමරිකානු Box Office ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට සමත් විය. මින් පෙර වසරකදී මෙවන් Horror චිත්‍රපට විශාල ගණනක් මෙසේ පළමු ස්ථානයට පත් වී නොමැත. Nope, The Black Phone, The Invitation, Barbarian, Smile, Scream සහ Halloween End’s එම චිත්‍රපටයි. මීට අමතරව X, Bodies Bodies Bodies, Pearl, Crimes of the Future Men සහ Orphan: First Kill වැනි තවත් ජනප්‍රිය සහ යහපත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලද Horror චිත්‍රපට රැසක් මේ වසරේදී නිකුත් විය. Terrifier 2 චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇත්තේ සීමිත සිනමාශාලා 886 ක පමණක් තිරගත වීමෙනි. ඒ හරහාද ආදායම 70% කින් වර්ධනය කරගැනීමට පසුගිය සති අන්තය වනවිට සමත් වී ඇත.
මේ උඩ තියෙන ලිපිය මම උපුට ගත්තේ නම් Comic Cage ෆේස් බුක් පිටුවෙන්..
කතාව පැත්තට හැරෙන්න කලින් කියන්නේ ඔයාල Terrifier පලවෙනි ෆිල්ම් එකත් බලන්න…..
සියෙනා කියන ගෑනු ළමය පස්සෙන් තමයි මේ පාර විකටයා පන්නන්නේ.. ඊට වඩා කියන්න ඕනෙ නෑ ඔයාලම බලන්න..
- Terrifier (2016)
- Terrifier 2 (2022)
- Terrifier 3 (2024)











