CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Thamma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aditya Sarpotdar, Alyjah Sheikh, Mohit Punj, Shekar Sunil
Cast
Go Full Cast PageThamma (2025)
ඔයාලා Maddock Horror Comedy Universe එක ගැන දන්නවනේ? අර Stree එකෙන් පටන් අරන්, Bhediya එකෙන් අපිව වෘකයොන්ගෙ ලෝකෙට අරන් ගිහින්, ඊට පස්සෙ Munjya එකෙන් පිස්සු නටවපු ෆිල්ම් සෙට් එක. දැන් ඒ සෙට් එකට අලුතෙන්ම ආපු ෆිල්ම් එක තමයි “තාමා” (නායකයා)!
මේකේ ප්‍රධාන චරිත හොඹවන්නේ ආයුෂ්මාන් කුරානයි, රශ්මිකා මන්දනයි. හැබැයි මේක නිකම්ම නිකන් හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා රොම්-කොම්, ෆැන්ටසිත් එක්ක යන ලේ පිපාසිත ෆිල්ම් එකක්. නන් දෙසින් අතිශය යහපත් ප්‍රතිචාර ලැබෙන මේ ෆිල්ම් එක ඇත්තටම මේ යුනිවර්ස් එකේ කලින් සමහර ෆිල්ම් වලට වඩා ගොඩක්ම හොඳට තියෙනවා. රශ්මිකා එහෙම හුඟක් වෙනස් චරිතයක් හොබවනවා නියමෙටම. මේකෙ සිංදු එහෙම මරු. රශ්මිකාගේ ඩාන්ස් එහෙම ලස්සනටම තියෙනවා.
කතාව වෙන්නෙ මෙහෙමයි… (ස්පොයිලර් නෑ!)
අපේ කතා නායකයා, අලෝක් (ආයුෂ්මාන් කුරානා) කියන්නෙ පොඩ්ඩක් බය ගුලු, තමන්ගෙ පාඩුවේ ඉන්න ජර්නලිස්ට් කොල්ලෙක්. මෙයාගෙ සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩ යටිකුරු වෙන්නෙ අමුතුම, පවර්ෆුල් කෙල්ලෙක්ව සෙට් වුනාම. ඒ තමයි තාඩ්කා (රශ්මිකා මන්දනා).
එයා හරහා අලෝක් දැනගන්නවා මිනිස්සුන්ට නොපෙනෙන ලෝකයක් ගැන. ඒ ලෝකෙ ඉන්නෙ වැම්පයර්ලා වගේ, ඒත් ඉන්දියන් ස්ටයිල් එකට ඉන්න “බේතාල්” කියලා සෙට් එකක්. කතාව යන්නෙ, මනුස්ස ලෝකයම විනාශ කරන්න එන පරණ, අති දුෂ්ටයෙක්ට (නවාසුදීන් සිද්දිකි) විරුද්ධව නැගී සිටින්න මේ සාමාන්‍ය කොල්ලට සිද්ධ වෙන එක ගැන.





