EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Alto Knights (2025) | ”බලය, රුධිරය සහ පාවාදීම් සමග මිතුරන් දෙදෙනෙකුගේ වෛරය”
මුලින්ම කියන්න ඕනි “The Alto Knights” කියන්නේ ඇත්තම කතාවක් පාදක වෙච්ච Film එකක්. මේකෙදි කියවෙන්නේ විසිවෙනි සියවසේ මැද භාගෙදි New York නගරේ හොල්ලගෙන හිටපු Frank Costello සහා Vito Genovese කියන ජාවාරම් කාරයෝ දෙන්නෙක් ගැන. ඉතින් පොඩි කාලේ ඉදන් එකට යාළුවො වගේ හිටපු දෙන්නා, එයාලගේ මත ගැටුම් එක්ක දෙපැත්තකට වෙනවා. මෙයාලා ඉතාලියානු ජාතික දෙන්නෙක්. ඒත් පස්සේ කාලෙක ඇමරිකාවට ඇවිත් පුරවැසිභාවය අරගෙන එහෙ එයාලගේ වැඩ ටික කරගෙන යනවා.
Frank ව කට්ටිය අදුන්වන්නේ පාතාලේ අගමැති කියලා. එයා එයාගේ දේශපාලනික සම්බන්දකම් ටිකයි, පොලිස්සිය එක්ක තියෙන ඇදුනුම්කම් ටිකයි එක්ක හෙමින් සීරුවේ වැඩ ටික කරගෙන යනවා. අනිත් පැත්තෙන් වීටෝ කියන්නේ ටිකක් කලබලකාරයෙක්.
මේ Film එකේ තවත් විශේෂ දෙයක් තමයි. Vito සහ Frank කියන චරිත දෙකම කරන්නේ Robert De Niro කියන නළුවා විසින්. හැබැයි මේ ඉන්නේ නළුවෝ දෙන්නෙක් කියලා හිතෙන තරමටම ඒ රගපෑම නියමයි කියලා කියන්න පුළුවන්.
කතාව ගැන ටිකක් කිව්වොත්, මේ කතාව පටන් ගන්නේ Vito, කෙනෙක්ව දම්මලා Frank ට වෙඩි තියන සිද්දියකින්. හැබැයි වැඩේ වරදිනවා. Frank වාසනාවන්ත වෙනවා මේකෙන් බේරෙන්න. Frank ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැඩ වලින් ඈත් වෙලා එයාගේ වයිෆ් එක්ක ලස්සනට ඉතුරු කාලේ ජිවත් වෙන්න. ඒත් Vito හැමතිස්සෙම ලොකු බයකින්, සැකයකින් ඉන්නවා Frank එයාට විරුද්දව මොනවහරි දෙයක් කරයි කියලා.
ඉතින් මේ දේවල් එක්ක ඉස්සරහට ගලාගෙන යන කතාවක් තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ.
Vito, Frank ට විරුද්දව තව මොනවා කරයිද?
දෙන්නගේ අවසානේ කොහොම විසදෙයිද?












