EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Beach (2000) | සැඟවුණු දූපත

 

 

මේකේ වෙන්නේ රිචඩ් (Leonardo DiCaprio) කියල ඇමරිකානු ශිෂ්‍යයෙක් ගෙදරි අවුලකුත් දාගෙන ගිම්හාන ඍතුව ගත කරන්න තායිලන්තයේ බැංකොක් නුවරට එනවා. එදින එයාට ඩෆී කියලා පිස්සු මිනිහෙක්ව හම්බවෙනවා. ඒත් මේ මනුස්සයා මොකද්දෝ දූපතක් ගැන රිචඩ්ට කියනවා. මුලින් විශ්වාස නොකලත් ඩෆී සිතියමක් ඇඳලා රිචඩ්ගේ කාමරයේ දොරේ ගහනවා. ඊට අල්ලපු කාමරේ ඉන්නේ ප්‍රංශ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. ඒ තමයි එටීන් සහ ෆ්‍රන්ශුවාස්. කොහොමහරි ඒ ප්‍රංශ ජෝඩුවත් එක්ක රිචඩ් දූපත හොයාගෙන බොහෝ දුරක් යනවා. මේ අතරේදී සේප් සහ සැමී කියල කොල්ලෝ දෙන්නෙක් රිචඩ්ට හම්බ වෙනවා. උනුත් ඇමරිකාවේ ඉඳන් නිවාඩුවට ආපු අය. කොහොමහරි රිචඩ් අර සිතියමේ කොපියකුත් අරකොල්ලෝ දෙන්නටත් දීල යන්න පිටත් වෙනවා. ඒ සැඟවුණු දූපතට යන රිචඩ් එටීන් සහ ෆ්‍රන්ශුවාස් තුන්දෙනා ගංජා ගොවීන්ගෙන් බේරෙන්නේ අනුනවයෙන්. කොහොමහරි ඒ දූපතේ සුන්දර ජීවිත ගත කරන පාරාදීසියක් ඔවුන්ට හමුවෙනවා. එතන ලෝකේ විවිධ රටවල්වල් අය ඉන්නවා.

ඒගොල්ලෝ මේ දූපත ගැන කාටවත් කියන්නේ නෑ. ඒක රහසක්. මේ දූපතේ නායිකාව තමයි සැල්. කොහොමහරි ඔහොම කතාව ගලා යද්දී කොපනියායින් නගරයට ගොස් සහල් ගෙන්න අවශ්‍ය වෙනවා. එකට සැල් තොර ගන්නේ රිචඩ්ව. මොකද එයා කඩවසම් දක්ෂ කොල්ලෙක් නිසා. කොහොම හරි මේ අතරේ රිචඩ් ෆ්‍රන්ශුවාස් අතර අසම්මත පෙමකුත් ගොඩනැගෙනවා. කොපනියායින් වලදී අර මන් මුලින් කිව්ව සේප් සහ සැමී මුණ ගැසෙනවා. ඒ ඒගොල්ලෝ රිචඩ් දීපු සිතියම ගැන සැල් ඉදිරියේ විස්තර අහනවා. ඒත් රිචඩ් මුලින් සැල්ට කිව්වේ ඒ රහස කාටවත් හෙළි කලේ නෑ කියලනේ. ඔතනින් තමයි කතාවේ ගැටුම පටන් ගන්නේ. කොහොම හරි රිචඩ්ට සියලු දෙනාගෙන් ඈත් වෙලා කැලෑවට වෙලා ඉන්න වෙන හින්ද රිචඩ්ට පොඩි තාවකාලික මානසික අවපාත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ උන්මාදනීය පාරදීසියේ අනාගතයට මොකදවෙන්නේ කියල දැනගන්න බාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකෙක්. ඒ වගේම රිචඩ්ගේ ප්‍රේම වෘතාන්ටයට මොකක් වෙයිද?බලලම ඉන්නකෝ.

මේ ෆිල්ම් එක 1996 දී Alex Garland ගේ The Beach කියන නව කතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Danny Boy. ඒ වගේම මේ චිත්‍රපටය මනාප 110,522 ලබාගෙන 6.5/10 IMDb අගයක් ලබාගෙන තියනවා.(මට නම් හිතෙන්නේ ඊට වැඩිවෙන්න ඕනි) ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඩී කැප්රියෝ හොඳ රංගනයක යෙදෙනවා. අනිත් එක මේක 18+ එකක් කියල කිව්වට කමක් නෑ. ඒ කිව්වට එච්චරම බරපතල නෑ. ඒත් පොඩි අය නොබලන එක සුදුසුයි. මේකේ ප්‍රංශ සර්බියන් ස්වීඩන් වගේ විවිධ භාෂා වලින් දෙබස් තිබුනා. ගූගල් Translate වලට පින් සිද්ධ වෙන්න ඒක අවුලක් වුනේ නෑ. ඉතින් එහෙනම් කියන්න තියන ටික එහෙම්මම කියල දැම්මා.

Comments