EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gail Hunter, John Lee Hancock, K.C. Hodenfield
Cast
Go Full Cast PageThe Blind Side (2009) | හඳුනාගන්න මනුෂ්‍යත්වය…!
උතුම් හදවතක් නිසා ලොවට තවත් ක්‍රිඩා තරුවක් බිහිවීමේ සත්‍ය කතාවක් රැගත් The Bind Side සිනමා පටය තමා අද ඔන්න ගේන්නේ. මේක පිටවෙලා නම් ටික කාලයක් වෙනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා බයිස්කෝප් අඩවියේ මේ ගැන සඳහන් උනේ නෑ. කොහොම උනත් හොඳ ෆිල්ම් එකක් බයිස්කෝප් අඩවියේ සඳහන් නොකර බෑනේ. ඒ හින්දා ඔන්න මිනිසත්කම ගැන කතා කරන ඒ අපූරු සත්‍ය කතාව ඕගොල්ලන්ට ගේනවා.
17 හැවිරිදි Michael Oher, දෙමව්පියන් වෙන්වීම හා දුප්පත් කම නිසා නිවාස කිහිපයකම හදාගත් දරුවෙකු ලෙස කාලය ගත කල අයෙක්. නමුත් ඔහු ඒ නිවාස වල වැඩිකාලයක් රැඳි සිටින්නේ නෑ. මේ නිසාම ඔහු පාසලට පවා ඇතුලත් කරගන්න ප්‍රධානීන් අදිමදි කරනවා. එමෙන්ම මොහු ඉගනීමට ඉතා අදක්ෂයෙක් බව හැමදෙනාම පවසනවා. ඔහු ක්‍රීඩාවට ඇති දක්ෂතාවය නිසාම පාසලේ ක්‍රීඩා පුහුණුකරුගේ මැදිහත්වීම නිසා පාසලට අවසානයේ ඇතුළත් කරගන්නවා. නමුත් ඔහු ඉගනීමට අදක්ෂ නිසා ගුරුවරුන් ඔහුට එතරම් කැමත්තක් නෑ.
ඉතාමත් සීතල දිනයකදී අහම්බෙන් මෙන් Leigh Anne ට පාරේ ගැහෙමින් යන Michael ව දක්නට ලැබෙන අතර එදින තම නිවසේ පවුලේ අයත් සමඟ රාත්‍රිය ගත කරන්නට ඉඩ සලසා දෙනවා. මෙතනින් තමා ඔහුගේ නව ජීවිතය ඇරඹෙන්නේ. මේ ඔහුට හමුවූ මිනිසත්කම උතුරා යන පවුල නිසා ජීවිතය ජයගෙන පාපන්දු ලොවේ තරුවක් බවට පත්වන මේ කතාව තවමත් ජීවතුන් අතර සිටිනා මිනිසුන් පිරිසකගේ කතාවක්. වැඩි විස්තර මෙතෙන්ට ගියොත් මීට වඩා හොඳින් බලාගන්න පුළුවන්.
මේ තරුව බිහිකිරීමේ වැඩි ගෞරවය හිමි Leigh Anne ලෙස රංගනයෙන් දායකවී සුපිරි නිළි Sandra Bullock හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන රැසක් දිනා ගන්නවා. IMDb හි රේටින්වල මෙය 7.7/10 (34,593) ලබා තිබෙනවා.
ඉතිං මෙයත් හදවතට කතාකරනා සැබෑ ලෝකයේ සිදුවූ ලස්සණ කතාවක්. බාගන්න. බලන්න. රසව්ඳින්න…












