EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Break-Up (2006) | පවුල් අවුල් (18+)

මුලින්ම මේකේ ප්‍රධාන චරිතේ රඟ පාන්නේ අපි කවුරුත් දන්න කියන Vince Vaughn. Wedding Crashers, The intenership, Delivery man, Unfinished Business වගේ ෆිල්ම් බලල ඇති නේ. තව මේකේ රඟ පානවා jennifer Aniston. Horrible bosses 1,2, Just Go with it, We’re The Millers, The Vacation, She’s Funny That Way, The Switch වගේ ගොඩක් ෆිල්ම් වල රඟපාලා තියෙන කෙනෙක්,එයාවනම් අනිවාරෙන්ම දන්නවා ඇති. තව Horrible Bosses 1,2, Identitiy Thief, The Switch වගේ ෆිල්ම් වල ඉන්න Jason Bateman වත් දන්නවා ඇතිනේ. IMDB මීටරේ 5.5 වගේ හොඳ අගයක් කැරකිලා තියෙන ෆිල්ම් එකක්ඇ. ත්තටම මේක ලවු ස්ටොරියක්. ඒ වුනාට කිසිම කම්මැලිකමක් නැතිව පට්ට ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්මේ. නළු නිලියෝ සැට් එක ඉන්නවනම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ :D.

ස්ටොරිය තියෙන්නේ දෙන්නෙක් වටා,දෙන්න අතරේ ඇතිවෙන පොඩි පොඩි ප්‍රශ්න දෙන්න වෙන් වෙන තැනටම දිග ගැස්සෙන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. ඇත්තටම බැඳපු, බඳින්න ඉන්න කපල් වලටත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයකුත් මේ කතාවේ නැතුව නෙමෙයි. අපිට නම් ඉතින් ගන්න ආදර්ශ නෑ අපි තාම පොඩි ළමයිනේ 😀 කතාව ගැනනම් ඒ හැටි කියන්න දෙයක් නෑ. බලන්න තමයි තියෙන්නේ. තව මේකේ නිරුවත් දර්ශන කිහිපයක් තියෙන හින්දා 18 ට අඩු අයටනම් ඉතින් හොරෙන් තමයි බලන්න වෙන්නේ 😛 😀

Comments