EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Evil Dead (1981) | අවාසනාවන්ත මරණය.
ඉතින් මේ Bruce අයියට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ‘ඈෂ්’ කියල, එයා යාලුවො සෙට් එකක් එක්ක යනව, නගරයේ ඉඳල කිලෝ මීටර ගාණක් ඈතින් තියෙන කැලෑවකට, මෙයාල යන්නෙ පුංචි සංචාරයක් දාල එන්න, මේ කැලෑව ඇතුළෙ තියෙනව පුංචි නිවසක්, එහෙ තමයි මේ කට්ටිය රාත්‍රිය ගත කරන්නෙ, මෙයාල ඔහොම ඉද්දි මෙයාලට හම්බ වෙනව මේ නිවස ඇතුළෙ තිබිල ටේප් රෙකෝඩයක් සහ පෞරාණික ග්‍රන්ථයක්, කෙනෙක් ඒ ටේප් රෙකෝඩරයට පටිගත කරල තියෙනව ග්‍රන්ථය ගැන පුංචි විස්තරයක්, එයා කියනව ඒ ග්‍රන්ථයේ තියෙන මන්තරයක් හඬනගා කිවුවොත්, අමනුෂ්‍යන් කැඳවීමක් සිද්ධ වෙනව කියල, ඉතින් මේ Bruce අයිය එක්ක ඉන්න යාලුවෙක් මේක විස්වාස කරන්නෙ නෑ, එයා ඒක දිගටම අහනව, ෆිල්ම් එකේ හැටියට ඇත්තටම වෙන්නෙ අමනුෂ්‍යන් කැඳවීමක් තමයි, ඒක ඇත්ත කියල මෙයාලට තේරෙන්නෙ මෙයාලත් එක්ක ඉන්න කට්ටිය එක එක්කෙනා ගානෙ අමනුෂ්‍යන්ට බිලි වෙද්දි, ඉතින් මේ Bruce අයියගෙ යාලුවො අමනුෂ්‍යන්ට බිලි වුනාට පස්සෙ මෙයා විතරක් කැලෑව මැද්දෙ පුංචි ගෙදර තනි වෙනව, එයා මේ අමනුෂ්‍යන්ට මොකක්ද කරන්නෙ කියල අපි බලමු,
Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න 👇
2. Evil Dead II (1987)
3. Army of Darkness (1992)
4. Evil Dead (2013)
5. Evil Dead Rise (2023)











