EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Eye (2002) | මරණයේ පෙරනිමිති දකිනා අහිංසකාවිය
වොන්ග් වයස අවුරුදු 20ක සාමාන්‍ය පවුලක අන්ධ චීන කෙල්ලෙක්. මෙයාගේ පෙනීම මෙයාට නැතුව තියෙන්නේ වයස අවුරුදු 2 වගේ පොඩිම කාලේ ඉඳනුයි. ඉතින් මෙයාගේ පවුලේ අය මෙයාට ආයේ පෙනීම ලබාදෙන්න රෝහලකට ඇතුළු කරලා තියනවා සැත්කමට. ඉතින් මෙයාට පෙනීමත් ලැබෙනවා, හැබැයි විවිධ අඩුපාඩුකම් එක්ක. කොහොමවුනත් හැමෝම වොන්ගේ පෙනීම නැවත ලැබුන එකට සතුටින් ඉන්නවා. හැබැයි වොන්ග්ට නම් මේ සතුට දවසක්වත් තියෙන්නේ නෑ. මෙයාට මුලින්ම එක එක විකාරී දේවල් පේන්න ගන්නවා පස්සේ බිහිසුණු අමානුශික දේවල්
සුන්දර ලෝකයේ එළිය බලන්න ආසාවෙන් ඉඳපු මේ කෙල්ලට වුන මේ අනපේක්ෂිත දේ නිසා මේ කෙල්ලටම තමන්ව එපා වෙන තත්ත්වයකට වැටෙනවා. මෙතනදි මෙයාට උදව් කරන්න එක පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. මෙයා වොන්ග් එක්ක ”මෙහෙම ඇයි වෙන්නේ” කියලා හොයන්න පටන් ගන්නවා. වැඩි දවසක් යන්න කලින්ම වොන්ග්ට තේරුම් යනවා තමන්ට මේ බද්ධ කරපු ඇස් වල අවයව කොටස් වල තමා වැරැද්ද කියලා. ඉතින් මෙයාලා දෙන්නම ඒ ඇස්වල අවයව කොටස ලබාදුන්න දායකයව හොයාගෙන යනවා. මෙතනදි මෙයාලට මේ දායකයගේ බේදනීය කතාව හා අත්වුන ඉරණම ගැන දැනගන්න ලැබෙනවා. මේ හැමදේම මේ අභිරහස් දායකයට සම්බන්ධයි !! මේ හැමදේම වෙන්නේ හේතුවකටයි !!
හොඳයි, එහෙනම් තවත් මම කතාව කියන්න යන්නේ නෑ. අරගෙනම බලන්න.
කුතුහලයෙන් බලන්න පුළුවන්.







