EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Family Plan (2023) | සමුදුන් අතීතය යළි පසුපස හඹා එයි

The Family Plan (2023) කියන මේ ෆිල්ම් එක, ඇක්ෂන්, කොමඩි ගණයට තමයි අයත් වෙන්නෙ. මේ වෙද්දි IMDb දර්ශකයේ 6.3 ක අගයක්ද ගූගල් පරිශීලක අගය 74% ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 26% ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඉන්නෙ කවුද කියලා නොකියාම බැරි නිසා මං ඒ ගැනත් සඳහන් කරන්නම්. මෙහි ඩෑන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කවුරුත් ආදරේ කරන Mark Wahlberg විසින්. ඊට අමතරව Michelle Monaghan, Zoe Colletti, Van Crosby යන අයද රංගනයෙන් දායක වෙනවා.

මේ වෙද්දි ඔයාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවානාම්, ඔයාලට යම් අදහසක් ඇති, මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ කොහොම වුනත් මං කතාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. ” ඩෑන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විතරක් දන්න අතීතයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතෑරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවත් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.” කතා තේමාව ටිකක් විතර පොදු පූර්ණ වුනත් කිසිම කම්මැලිකමින් තොරව, වෙලාව යනවා තේරෙන්නෙ නැතුවම හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.

ඒ නිසා මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහින් එන්නම්.

Comments