EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Gardener (2025) | උයන්පල්ලා

 

2025 වසරේ ජනවාරි 10 වන දින නිකුත් වූ “Le jardinier” හෙවත් උයන්පල්ලා කියන්නෙ Comedy/Action Category එකට වැටෙන ෆිල්ම් එකක්.David Charhon විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට IMDB 4.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා.පැය 1යි විනාඩි 50ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට හිද නැරඹිය හැකි ෆිල්ම් එකක්.

කතාව පැත්තට හැරුනම සෑම වසරකම අග්‍රාමාත්‍යවරයාගේ තනතුරට හිමිකම් කියන්න පුළුවන් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සාදා ඔවුන්ව මරා දමනවා, ඒ ලැයිස්තුවට කියන්නෙ Matignon List, ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශක සර්ජ් ෂුස්ටර් කියන පුද්ගලයත් මෙන්න මේ නම් ලැයිස්තුවෙ ඉන්නවා. ෂස්ටර්ට මිතුරෙකුගෙ මාර්ගයෙන් මේ නම් ලැයිස්තුව හම්බ වෙනවා.ඒත් ෂස්ටර් හිතන්නෙ ඒ ලැයිස්තුව වෙන දෙයක් කියලා.අවසානයේ ෂස්ටර්ට සහ ඔහුගේ පවුලට ජීවිතය බේරගන්න තිබෙන අන්තිම බලාපොරොත්තුව වෙන්නෙ ෂස්ටර්ගෙ වත්තෙ වැඩ කරන අභිරහස් උයපල්ලා, එහෙම නැත්තම් ලියෝ…ලියෝ කියන්නෙ කවුද ?, එයා ෂස්ටර් පවුලට බේරෙන්න උදව් කරන්නෙ කොහොමද ?.. ඒ ගැන දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…

Comments

February 5, 2025

Tnx