EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Mamoru Hosoda
Cast
Go Full Cast PageThe Girl Who Leapt Through Time (2006) AKA Toki o kakeru shôjo | නැවත අතීතය කරා
මේ ෆිල්ම් එක ගැන කිව්වොත් සතෝකෝ ඔකුදරා ලියලා මමොරු හොසෝදා විසින් අධ්‍යක්ෂණය කරලා 2006 වසරෙදි තිරගත කළ ලස්සන කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේක වර්ග කරලා තියෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ 1967 මේ නමින්ම යසතකා සුත්සුයි විසින් ලියවුනු පොතක්. ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 2009 මේක පාදක කරගෙන චිතු කතාවකුත් 2010 දි මේ නමින්ම ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකකුත් නිකුත් වෙනවා. නමුත් මේ හැම කතාවක්ම එකකට එකක් චරිත සහ අන්තර්ගතය වෙනස්. 2010 ෆිල්ම් සබ් එකත් (A Girl Who Leapt Through Time) බයිස්කෝප් අඩවියෙන් ඔයාලට ගන්න පුළුවන්. මුලින් අවම ප්‍රචාරණයක් යටතේ තැන් කිහිපයක පමණක් තිරගත වුනු මේ ෆිල්ම් එකට ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක ඇමරිකාවේ හා එංගලන්තයේ දී ද ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර තිරගත වීම ඇරඹෙනවා. IMDb 7.8 ක රේටින්ග් මේ ෆිල්ම් එකට තියෙනවා.
කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.










