EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Vijay Krishna Acharya
Cast
Go Full Cast PageThe Great Indian Family (2023) | සිංහල උපසිරැසි සමඟ
පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය නැතුව රේකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රධාන චරිතයට අපි කවුරුත් දන්න විකි කෞෂාල් වගේම මනුෂි චීල්ලර් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් එහෙම වේද් ත්‍රිපාටි කියන්නේ හින්දු පවුලක දරුවෙක්.වේද්ගේ තාත්තා තමයි පණ්ඩිත් ශ්‍රිරාම් ත්‍රිපාටි. මේ පලාතේ ඉන්න හොදම පුජකයා තමයි වේද් ගේ තාත්තා. වේද්ගේ තාත්තා පොඩි කාලේම පුතාවත් පුජකයෙක් කරන අඩිතාලම දානවා. මේ නිසා වේද්ගේ ඉස්කොලේ කාලේ ක්‍රශ් එකකටත් කනකොකා හඩනවා. වේද් මුලින් මේ පුජා වැඩ වලට කැමැත්තක් නොදැක්කුවාත් වේද්ට හොදට බජන් කියන්න පුලුවන් හැකියාවක් පිහිටනවා. වේද් නැත්නම් මේ බජන් වැඩසටහන් වැඩක් නැති තැනට ඔහුව ගමපුරාම ප්‍රසිද්ධ වෙනවා. ඔහොම කාලය ගෙවිගෙන යනවා. වේද් දැන් හොද තරුණයෙක් වගේම ගමේ තාත්තා තරම්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඔය අතරේ මේ පලාතේ ලොකුම සල්ලිකාරයාගේ ශෙර්වාන් මාල්පානිගේ දුවගේ කසාදේ සම්පුර්ණ පුජා වැඩ පැවරෙන්නේ වේද්ගේ තාත්තා වෙන ශ්‍රිරාම් ත්‍රිපාටිට. ශ්‍රිරාම් එක්ක තරහා පුජකයෙක් ඉන්නවා ඒ පණ්ඩිත් ජගන්නාත් මිශ්‍රා.. ඔහුට ඕනි කොහොම හරි මේ කසාදේ වැඩ ටික ඔහු යටතට ගන්න.
කොහොම හරි සතිදෙකක පුජාවක් වෙනුවෙන් වේද්ගේ තාත්තා ශ්‍රිරාම් ත්‍රිපාටි ඇත පෙදෙසකට යනවා. මේ අයට අවවාද කරලා යන්නේ සති දෙකක් යනකම් මොහු දුරකථනයත් ඔෆ් කරලා මේ පුජාවට සහාභාගි වෙන නිසා කරදර කරන්න එහෙම එපා කියලා. හැබැයි ඉතින් වේද්ගේ තාත්තා ශ්‍රිරාම් ගිය පලවෙනි දවසේම මේ ගෙදරට අමුත්තෙක් එනවා ලියුමක් අරගෙන.. මේ ලියුම නිසා වේදිගේ ජිවිතේ වගේම ත්‍රිපාටි පවුලටම ලොකු නරක කාලයක් උදාවෙනවා. ඒක මොකක් වෙන්න පුලුවන්ද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනාවා




