EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගෘහ සේවිකාවකගේ සෙල්ලම | 18+

“The Housemaid” ගිය අවුරුද්දේ දෙසැම්බර් 19 වෙනිදා තියටර් වලට නිකුත් වුණ, ඊයේ (Feb 3) ඩිජිටල් අවකාශයට මුදාහැරුණු හොලිවුඩ් චිත්‍රපටයක්.. Psychological Thriller සහ Mystery යන ශානර දෙකට අයත් මේ කතාව පැය දෙකකුත් මිනිත්තු 13 ක් පුරා දිවෙනවා.. IMDb දර්ශකයේ 7/10 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 74% ක අගයකුත් LetterBoxd හරහා 3.1/5 ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා.. සුප්‍රසිද්ධ කතුවරියක් වෙන Freida McFadden ගේ The Housemaid නමින් 2022 වසරේ එළිදැක්වූ නවකතාව පාදක කොටගත් මේ නිර්මාණය මෑතකදී නිකුත් වුණ සාර්ථක චිත්‍රපටයක් බවට සහතික කරන්න පුළුවන්. Paul Feig අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඩොලර් මිලියන 35 ක බජට් එකකින් නිර්මාණය කෙරිලා උපයපු ආදායම බොක්ස් ඔෆිස් ඩොලර් මිලියන 300 පහුකරලා තිබෙනවා.. ඒ වගේම සුප්‍රකට හොලිවුඩ් නිළි Sydney Sweeny ගේ සාර්ථක නිර්මාණයක් වෙන The Housemaid ‘Sydney ගේ මෑත චිත්‍රපට අතරින් Flop නොවී බේරෙන්න සමත් වුණා..

කතාව මෙහෙමයි.. මිලී කැලොවේ කියන්නේ ගෘහ සේවිකාවක්.. මෙයාගේ ඉතිහාසේ එච්චර හොඳ තත්වයක් නෑ මම ඒ ඇයි කියලා දැනට නොකියා ඉන්නම්.. මෙයා අම්මෙක් තාත්තෙක් නැති, යාළුවෝ නැති, සල්ලි නැති, ඉන්න හිටින්න තැනක් නැති අසරණ කෙල්ලෙක්.. මෙයා යම්කිසි වරදකට තාවකාලිකව ඉන්නේ පැරෝල් කෙනෙක් හෙවත් නීතියට බැඳි අධීක්ෂණයක් යටතේ.. මෙහෙම ඉද්දි මෙයාට හම්බෙනවා එක ගෙදරක් වින්චෙස්ටර් කියලා පවුලක් ජීවත් වෙන.. මේ ගෙදර ඉන්නේ නීනා වින්චෙස්ටර්, ඇන්ඩෲ වින්චෙස්ටර් සහ දුව සිසී.. සහ එන්සෝ කියලා වතු කම්කරුවෙක් ඉන්නවා.. කොහොමහරි පළවෙනි වතාවේ මේ ගෙදර ගෘහ සේවිකාවක් විදිහට බැඳෙන්න යන මිලී ට වෙන්නේ බලාපොරොත්තු කඩකරගන්න.. ඒත් ඊළඟ වතාවේ මෙයා මේක දිනාගන්නවා.. එහෙම මේ ගෙදර වැඩ කරගෙන ඉන්නකොට මෙයාට ටිකෙන් ටික මේ නීනා කියන ගෙදර අයිතිකාරිගේ වෙනස්කම් දකින්න ලැබෙනවා.. ගුප්ත අද්භූද හැසිරීම් මිලීට විඳින්න සිද්ධවෙනවා.. මේත් එක්ක ගලායන මේ ජීවිත වලට නවතින්න වෙන්නේ එක් ඛේදවාචකයකින්.. මොකක්ද මේ? කාටද මේ අනතුර වෙන්නේ? නැනීටද? මිලීටද? ඇන්ඩෘටද? මොකක්ද මේ ඔක්කොම යටින් යන ගේම් එක? මේවා දැනගන්න නම් ඔයා මේ කතාව බලන්න ඕන..

Cast එක පැත්තෙන් ගත්තාම කියන්න තියෙන්නේ මේකේ චරිත ටිකක් අඩුයි ඒත් ඉන්න චරිත ඔක්කොම වගේ හොලිවුඩයේ නම් තියාපු ප්‍රසිද්ධ චරිත.. Sydney Sweeny, Amanda Seyfried, Brandon Sklenar වගේම Michaele Morrone මේ නිර්මාණයට රංගන දායකත්වය ලබාදෙනවා..

ආ! අනික මේ නවල් සීරිස් එකේ එක කොටසක් විතරයි.. ඉතුරු චිත්‍රපට ටික පස්සේ බලාගන්න පුළුවන්.

චිත්‍රපටය නම් වැඩිහිටියන්ට පමණයි..

Comments