EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)
Director:Aria Harrison, Daniela Saioni, Deborah Antoniou, Leigh Whannell
Cast
Go Full Cast PageWhat You Can't See Can Hurt You
(The Invisible Man (2020) Sinhala Sub , The Invisible Man (2020) Sinhala Subtitle , The Invisible Man (2020) Sinhala Subtitle )
ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චිත්‍රපටයෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණා. එහෙනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකො.
The Invisible Man කියන්නෙ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මොකද කිව්වොත් ඉස්සර ආපු චිත්‍රපටය බොහොමයක් පිරිසකගෙ හිත දිනාගන්න පුළුවන් වුණා. ඉතිං හැමෝම හිතාගෙන හිටියෙ ඒ වගේම රීබූට් චිත්‍රපටයක් ඇතිවෙයි කියලා. කොහොමහරි ඒ හැමෝගෙම බලපොරොත්තු සුන් වෙලා ගියෙම නැහැ. කලින් එක වගේම ත්‍රිලර් හොරර් ගතිය එලෙසෙම තිබ්බා. එහි ප්‍රතිඵලයක් ලෙස IMDb අගය 7.5 ක් සහ Rotten Tomatoes අගය 91% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වුණා. ඉතිං චිත්‍රපටය ගැන කියන්න අවශ්‍ය නෑනෙ. Drama l Horror l Sci-Fi යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැය දෙකයි පුරාවට කුතුහලයකින් රසවිඳින්න පුළුවන්කම තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය සිදු කරන්නෙ Leigh Whannell විසින්. රංගනයෙන් Elisabeth Moss l Oliver Jackson-Cohen l Storm Reid l Aldis Hodge l Harriet Dyer l Michael Dorman දායක වෙනවා. එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.
ඒඩ්‍රියන් ග්‍රිෆින් කියන්නෙ ගොඩක් සාහසික මිනිහෙක්. එයාට ඕන කරන්නෙ හැම කෙනෙක්ම වගේ තමන්ගෙ පාලනය යටතෙ තියාගන්න. ඉතිං මෙයාගෙ පෙම්වතිය වෙන සිසීලියා දවසක් රෑ ඒඩ්‍රියන්ගෙන් බේරිලා පැනල යනවා. හැබැයි එයා පැනගන්න උත්සහ කරන්නෙ ඊටත් කලින් ඉඳලාමයි. හැබැයි ඔහු එක්ක ඉද්දි සිද්ධ වෙච්ච දේවල් ඇයට මතක් වෙනවා. ඔහු කෙතරම් සාහසිකද කියලා. ඉතිං මෙයා තමන්ගෙ සහෝදරිය මාර්ගයෙන් බේරිලා පැනගත්තත් බියෙන් තමයි ජිවත් වෙන්නෙ. ඔන්න දවසක් සිසීලියාගෙ සහෝදරිය සුබ ආරංචියකුත් අරගෙන එන්නෙ. ඒ ඒඩ්‍රියන් තමන්ගෙ සියදිවි නසාගෙන කියලා. ඉතිං සිසීලියා හිතාගන්න බැරි වෙනවා. මොකද කවදාවත් ඒඩ්‍රියන් එහෙම කරන ජාතියෙ කෙනෙක් නෙමේ. හැබැයි සිසීලියාට මොකක්දෝ අමුත්තක් දැනෙනවා. මොකද ඔහු කලින් පවසල තියෙනවා සිසීලයා එයාගෙන් බේරිලා පැනල ගියත් එයා හොයාගෙන එනවා කියලා. ඒවගේම එයා තමන්ගෙ ළඟ හිටියත් පේන්නෙ නැතිවෙයි කියලත්. ඉතිං මේ ගැන සිසීලියා කල්පනා කර කර ඉද්දි අමුතු දේවල් වෙන්න ගන්නවා. ඉතිං සිසීලියාට දැනෙනවා ඒඩ්‍රියන් මැරිලා නැහැ කියලා. මොකද එයාට රෑට නිදාගන්න දෙන්නෙ නැහැ. තමන් ගොඩක් ආදරේ කරන කට්ටිය මැරෙනවා. ඉතිං ඇත්තටම ග්‍රිෆින් මැරිලාද? නැත්තම් එයාගෙ වෙන කවුරුහරි කෙනෙක්ද මේවා කරන්නෙ? අවසානය වෙනකම් බලන්නකො. ඒවගේම පොටෝ එක බලල තීරණය කරන්න බැරි නම් පහළ තියෙන ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා නිර්දේශ කරනවා.


![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/tweDJNQzBGgsWVF5MC8JhSAk07p.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/ykCcVzlhbzbypq8epDmoUSsoM6T.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/xi3iDYV7sCBxYWItdEwmvFWhvC2.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/uZMZyvarQuXLRqf3xdpdMqzdtjb.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/q5t01d3MBFFsjwRjoS61LxXEEOr.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/hiGjyrNhojSgugIqd0xhd70rCRD.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/k5K207PwD9VkPpfSQtujb1HcXFA.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/rVrBp0iJlIg8qVeP3cT0TfkK62S.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/5DM1JEWvxJKORSjKTWjRwmLKIzu.jpg)
![The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://image.tmdb.org/t/p/w300/eNxaDEWYr8wpYxonh0EFiwu9zpV.jpg)