CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3168 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 18, 1986United States113 Min.
Your rating: 0
9.6 8 votes
The Karate Kid Part 2 (1986) | කරතේ දරුවාගේ ජපානයේ දිගහැරුම

ඉස්සර දවස්වල ලංකාවේ රූපවාහිනී නාළිකාවල පෙන්වපු චිත්‍රපටියක දෙවන කතාව තමයි මේක. Karate Kid Part I බැලුවනම් දන්නවා ඇති ඒකේ අවසානයට ඩැනියල් දක්ෂ පාපහරක් එල්ල කරලා තරගාවලිය ජයගන්නා බව. ඉතිං මේ කතාව හරියට ම පටන් ගන්නේ මේ කතාව ඉවර කරපු තැනින්. මේ කතාව තනිකර ම ඔරිජින් එහෙම නැත්තම් ප්‍රභව කතන්දරයක්. මේ කතාවේ දී මූලිකවම අවධානය දීලා තියෙන්නේ මියාගි මහතාට. කතාව බලලම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.

මේ චිත්‍රපටය ජපානයේ ඔකිනව ආශ්‍රිතව දිගහැරුණත් සම්පූර්ණ චිත්‍රපටය ම වගේ රූ ගත කරල තියෙන්නේ හවායි වල තරමක ජනශුන්‍ය දූපතක. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒ දූපත ඔකිනව වලට සමාන වීමත්, ඇමෙරිකාවට සමීප ව රූගත කිරීමට පහසු වීමත් නිසා. මේ නිසා රඟපෑම් වලට ඔකිනව ජාතිකයන් යොදා ගෙන තියෙනවා වගේ ම ප්‍රධාන නිළියක විදිහට ඉන්න කුමිකොත් ඔකිනව වල තමා උපත ලබා තියෙන්නෙත්.

කතාව දිගහැරෙන්නේ ජපන් පරිසරයක නිසා, ජපන් වචනවලට සමාන ව තමයි සිංහල උපසිරැසි යෙදුවෙත්. ඒ නිසාම තමා චුට්ටක් නුහුරු වුණත් “කරතේ” කියල “කරාටි” කියන එක හැදින්වුවේ. ජපන් භාෂාවේ ට, ල නෑ වගේම වැඩිය ශබ්ද ඇදෙන්නේ නැති නිසා තමා “ඔකිනව”, “නහ”, “තොමි” වගේ වචන දැම්මේ. කරතේ කියන්නේ ජපන් කන්ජි රූපාක්ෂර දෙකක එකතුවක්. “කර” කියන්නේ නිදහසට. “තෙ” කියන්නේ අතට. එතකොට කරතෙ කියන්නේ නිදහස් අතටයි.

ඩැනියල් උතුරු ඇමෙරිකානුවෙක් නිසා ඔහු යොදන සමහර ඉඟිවැකි සිංහලයට ඒ විදිහටම පරිවර්තනය කරන්න අමාරුයි. ඒ තැන්වල දී කතාවට හානියක් නොවෙන්න, ගැළපෙනවා කියල හිතෙන තේරුම් තමා දුන්නේ. ඒ වගේ ඉඟිවැකි දෙකක් මං පහළින් සඳහන් කරලා තියෙනවා.

Take It On The Road – මේකේ තේරුම පාරටම ගෙනියනවා කියන එක නෙමෙයි. අනිත් අයට තේරෙන්නේ නැතිවෙන්න, පේන්නෙ නැති වෙන්න යමක් කරල දානවා කියනවා වගේ, හරියට පාරවල් හදන කොන්ත්‍රාත්කරුවන් බහුතරයක් වගේ. පාර හදලා වගේ පේන්නේ , ඒත් කරල තියෙන්නේ උඩින් පල්ලෙන් වහපු එක විතරයි.

Hang Your Hat – මේකේ තේරුමත් තොප්පිය එල්ලනවා කියන එක නෙමෙයි. පාරේ දිගටම දාගෙන ඉන්න තොප්පිය ගලවන්නේ නිවසට ගියහම පමණයි. ඒ නිසා මේකේ තේරුම පදිංචි වෙනවා කියන එකයි.

මෙතනින් මතුවන සංස්කෘතිමය දේවල් කිහිපයකුත් තියෙනවා. ඒවත් දැනුම හොයන රසික රසිකාවියන්ට වැදගත් වෙයි.මම කෙටියෙන් පුළුවන් විදිහට පහළින් ඒවා සඳහන් කරන්නම්.

ෂින්තෝ දහම – ජපානයේ පවතින ප්‍රධාන ආගමක්.

ගේෂා ස්ත්‍රිය – හුඟක් අය හිතන්නේ ගේෂා ස්ත්‍රීන් කියන්නේ අභිසාරිකාවන් කියලයි. ඒක වැරදියි. ඔවුන් අමුත්තන්ව පිනවන්නන් පමණයි. නූතනය වන විට ඔවුන් හුඟක් අඩුවෙලා තියෙනවා.

සකේ – සහල් පැසවීමෙන් සකස් කරගන්නා මත්පැන් විශේෂයක්

අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා. කතාවේ එක තැනකදී පෙන්වනවා මුරපොළක්. නමුත් ඒක PILLBOX එකක්, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී ඉදිකළ අර්ධයක් පොළොව යට තිබෙන මුරපොළක් තමා එය. ඉතිං එතැනදී මියාගි සහ ඩැනියල් කතා වෙනවා යුද්ධය කොතරම් කුරිරු ද කියලා. එතනදී මියාගි කියන වාක්‍යයක් ඕගොල්ලොන්ගේ හිතට වදීවී.

ඉතිං අදට ඔබෙන් සමුගන්නවා. උපසිරැසි වල වැරදි අඩුපාඩු තියෙනවානම් ඉදිරිපත් කරන්න කියලා කාරුණික ව ඉල්ලා සිටිනවා. වචන භාවිතයේදී මම පුළුවන් තරම් සැලකිලිමත් වුණා අදාළ අදහස එන විදිහේ අසභ්‍ය නොවන වචන යොදා ගන්න.

Parents Guide
දෙමව්පියන් එක්ක බලන්න පුළුවන් හැබැයි සිප ගැනීම් දර්ශන එකක් පමණක් සහ එවැනි ආසන්න දර්ශන දෙකක් තියෙනවා. නිරුවත් හෝ වෙනත් නරක දර්ශන කිසිවක් ම නැති නිසා රස විඳින්න පුළුවන් වේවි.

The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවීන් ලසිඳු තෙන්නකෝන් (Baiscopelk)
IMDb 6.1 /10 92,445 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ralph Macchio isDaniel LaRusso
Daniel LaRusso
Pat Morita isMr. Miyagi
Mr. Miyagi
Danny Kamekona isSato Toguchi
Sato Toguchi
Yuji Okumoto isChozen Toguchi
Chozen Toguchi
Martin Kove isJohn Kreese
John Kreese
William Zabka isJohnny Lawrence
Johnny Lawrence

Similar titles

Hope (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fan (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch: Part 2 The Other One (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published