CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2465 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 05, 2023India138 Min.
Your rating: 0
9.7 9 votes
The Kerala Story (2023) | මංමුළාව

මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය එක ගෙන ආවේ යම් සිනමාත්මක වැදගත් කමක් නිසායි. පසු ගිය වසරේ නිපද වූ චිත්‍රපට අතරින් වඩාත්ම විවේචනයට ලක් වූ සහ වෛරයට පාත්‍ර වූ චිත්‍ර පටය මෙයයි. ඒ නිසා මෙම චිත්‍රපටය ගෙන ඒම කිසියම් හෝ ආගමකට කිසිදු අපහාසයක් සේ සලකන්න එපා. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානු හින්දු ඇතුළු සියළු ආගම් බිහි කරන ලද්දේ මිනිස් සංහතිය යහමග හැරිමේ යහපත් අරමුණකින්.නමුත් කාලයත් සමග ඒ එ ආගම් තුල කියැවීම් සඳහා විවිධ අර්තකතනයන් ඉදිරිපත් වීම හේතුවෙන් ඒවා විවිධ පාර්ශවයන්ට බෙදී ඇන කොටා ගන්නා තත්වයන්ට මෙන්ම වෙනත් ආගම් අතර ගැටුම්ද නිර්මාණය උනා. විශේෂයෙන්ම මූලධර්ම වාදය මේ හැම ආගමකම දකින්න පුළුවන්. තමන්ගේ මතවාදය තමා නිවැරදි අනිත් සියළු දෙනාමත් එය අනුගමනය කළ යුතුය යන මතයෙන් අද ලොව සෑම තැනකම ආගමික ගැටළු බිහි කිරීමට හේතු වී තිබෙනවා.බුදුන්,ජේසුස්, මහම්මත් තුමා වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෲන් අද ලොවට වැඩම කළොත් දකින්නේ කුමක්ද? ඉතින් මේ චිත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් ලෙස සලකා නරඹන්න.

පෙබරවාරි 16 දින Zee 5 හරහා OTT නිකුත් උන IMDB 7.1ක් ගත් මේ චිත්‍රපටය පසු ගිය වසරේ නිකුත් වූ හිංදි චිත්‍රපට අතරින් නම වෙනි වැඩිම ආදායමක් ලබා ගත් චිත්‍ර පටය වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවා ආදායමක් මෙය උපයා ගත්තා. එහෙත් මෙයට පාදක උනු කේරලය ඇතුළු සමස්ථ දකුණු ඉන්දියාවේම සහ බටහිර බෙංගාලයේද දැඩි ලෙස අසාර්ථක උනා.බොහෝ ස්ථාන වල විවිධ විරෝධයන්ට වලට ලක් වූයේ ආගමික සමගියට ඩ්දැ බලපෑමක් එල්ල වනු අතැයි යන චෝදනාවෙන්.වාමාංශික කේරළ රජය මෙය හෙලා දැක්කා. තමිල්නාඩු ප්‍රදර්ශකයින් මෙය වර්ජනය කලා.නමුත් දක්ශිනාංශික හිංදු මත දාරී භාරතීය ජනතා පක්ෂය මෙය උස්සා තැබුවා. කෙසේ හෝ මෙයට ලැබුන නිල නොලත් ප්‍රචාරය නිසා උතුරු ඉන්දියානු හිංදු සිනමා රසිකයින් අතර මෙය ජනප්‍රිය උනා.ඔබ දැන් දන්නවා මෙය මතභේද කාරී චිත්‍රපටයක් බව. ඒ නිසා කතාවේ සාරාංශය බලමු.

කේරළයේ මූලධර්ම වාදී මුස්ලිම් සංවිධානයක් මගින් හිංදු තරුණියන් සිය ආගමට හරවා ගෙන කුප්‍රකට ISIS සංවිධානය සමග එක්වී මුස්ලිම් රාජ්‍යයක් සඳහා සටනට සහය දැක් වීමට සිරියාව වෙත රැගෙන යාමේ ක්‍රියාවලියක් මෙම කතාවේ කියවෙනවා. මෙහි ප්‍රධාන චරිතය එසේ ගොස් ඉන් බේරී පලාවිත් සිය කඳුලු කතාව බලධාරීන් ඉදිරියේ පැවසීම තුල කතාව ගලා යනවා.මෙසේ ලොව විවිධ රටවලින් මූලධර්මවාදීන් හා එක් වීමේ සිද්ධීන් අපට සුලභව අහන්න ලැබුනත් මෙහි මත භේදය්ට තුඩු දෙන්නේ මා හිතන විදිහට ඔවුන් ආගමට හරවා ගන්නා ආකාරය ඉදිරිපත් කර ඇති ආකාරය විය යුතුයි.

Kerala Story (2023) Sinhala Subtitles
Sudipto Sen ගේ අධ්‍යක්ෂණයක් වන මෙය Adah Sharmaa, Yogithaa Bihaani, Sonia Balaani, සහ Siddhi Idnani වැනි නළුවන් රඟපානවා. එහෙනම් මැදහත් සිතින් මේ සිනමා පටය නරඹන්න.

The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.1 /10 67,799 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sudipto Sen
Director

Cast

Adah Sharma isShalini Unnikrishnan/Fatima
Shalini Unnikrishnan/Fatima
Yogita Bihani isNimah Mathew
Nimah Mathew
Siddhi Idnani isGeethanjali Menon
Geethanjali Menon
Johnny Cockfill isPeter Rodd
Peter Rodd
Bhavna Makhija isBhagyalaxmi
Bhagyalaxmi

Similar titles

Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa: The Rise – Part 1 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Palmer (2021) Sinhala Subtitles | Watch Online
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirchi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goliyon Ki Raasleela Ram Leela (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Enemy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalathil Sandhippom (2021) Sinhala Subtitles | Watch

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published