EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Man in the Moon (1991) | ආදරේට යා හැකි දුර!

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආදර කතාවකට උපසිරැසි ගේන්න හිතුවා. මං මේක බලලා සෑහෙන කල් වුණත් මතකයේ රැඳුන චිත්‍රටපයක් නිසා උපසිරැසි ගේන්න හිතුවා. කතාව ගැන කිව්වොත් පිටිසර ගම්බද පලාතක ඉන්න සහෝදරියො දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ. පොඩි නංගි ඩැනී එයාට අවුරුදු දාහතරයි හැබැයි හරිම හිතුවක්කාරයි. එයාගෙ අක්කගෙ නම තමයි මොරීන්, ඒ පැත්තෙන්ම ඉන්න ලස්සනම කෙල්ල, කොල්ලො පිස්සු වැටිල ඉන්නෙ එයාට. හැබැයි මොරීන්ට නම් එයාගෙ ආදර සම්බන්දතාවෙ නිසා කලකිරිල ඉන්නේ. මෙහෙම ඉන්නකොට තමයි කෝර්ට් ඒ පැත්තට අළුතෙන් එන්නේ.

කෝර්ට් කියන්නේ තමන්ගෙ තාත්තත් නැතුව පවුලෙ බර තනියම කරට අරගෙන යන අවුරුදු 17ක කොල්ලෙක්. ඩැනීට මේ කොල්ල ගැන හිත යනවා. ඒ වගේම දෙන්න හොඳ යාළුවොත් වෙනවා. හැබැයි කෝර්ට්ගෙ හිතේ ඩැනී ගැන ආදර හැඟීමක් නම් නැති හැඩයි පේන්නෙ, මොකද ඩැනී කියන්නෙ අවුරුදු 14 පොඩි කෙල්ලෙක් නිසා. ඉතිං මෙයාලගෙ යාළුකම කොයි විදිහට ගලාගෙන යයිද? කොහොම කෙලවර වෙයිද? ඩැනීගෙ ගෙදරින් මේ සම්බන්දෙ කොහොම පිළිගනීද? කියන දේවල් ගැන මේ ෆිල්ම් එක බලලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.

ෆිල්ම් එකේ එක පැත්තක් ගැන විතරයි මං උඩ කිව්වේ ඔයාලගෙ රසවින්ඳනේට බදාවක් වෙන නිසා තව පැත්තකුත් තියෙනවා ඔයාල බලලාම රසවිඳින්න ඕන. ඒ වගේම මේ පැය එකයි විනාඩි හතලිහ ඇතුලත ඔයාලව සංවේදී කරවන්න පුළුවන් චිත්‍රපටයක් කියලත් මේක මං සහතික වෙනවා.

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ 1991 ඔක්තෝබර් 04 වෙනිදා. IMDb දර්ශකේ 7.3 ඉහල අගයකුත් කුණු තක්කාලි 91% ගන්නත් මේ චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Robert Mulligan මහතා විසින්. තව මේකට රංඟනයෙන් දායක වෙනවා, Reese Witherspoon(ඩැනී) / Jason London(කෝර්ට්) / Emily Warfield(මොරීන්) / Sam Waterston(මැතිව්) / Tess Harper(ඇබී) / Ernie Lively(විල් සැන්ඩර්ස්) වැනි අය.

එහෙනම් ලස්සන ආදරණීය කතාවක් බලන්න කැමති අයට මේක බලන්න ආරාදනා කරනවා

Comments